ශ්‍රී ලංකා ’A’ පිලේ දකුණු අප්‍රිකානු සංචාරය 31දා සිට

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායම අතර එක්දින තරග 3ක් සහ සිවු දින තරග 2ක්

International Cricket

17

ශ්‍රී ලංකා 'A' කණ්ඩායම මෙම මස අග දකුණු අප්‍රිකාවේ තරග සංචාරයක් සඳහා එක්වීමට නියමිත බව ක්‍රිකට් ආයතනය ඊයේ (22දා) නිවේදනය කළේය.

ඒ අනුව අදාළ තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායම අතර එක්දින තරග 3ක් සහ සිවු දින තරග 2ක් ඇතුළත්ව තිබේ. එහිදී පැවැත්වෙන පළමු එක්දින තරගය මෙම මස 31 වැනිදා පැවැත්වීමට නියමිත අතර දෙවැනි එක්දින තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ සැප්තැම්බර් මස 2 වැනිදාය. තෙවැනි එක්දින තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ සැප්තැම්බර් මස 4 වැනිදාය. මෙම එක්දින තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇත්තේ පොචෙෆ්ට්‍රෝම්හි ජේ.බී. මාක්ස් ඕවල් ක්‍රීඩාංගණයේදීය.
එසේම පළමු සිවු දින තරගය සැප්තැම්බර් මස 8 වැනිදා සිට 11 වැනිදා දක්වා කිම්බර්ලි ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැළසුම් කර ඇති බව අදාළ නිවේදනයේ දක්වා තිබිණි. තවද දෙවැනි සිවු දින තරගය සැප්තැම්බර් මස 15 වැනිදා සිට 18 වැනිදා දක්වා බෙනායිනිහිදී පැවැත්වීමට නියමිතය.