ලංකාවේ ජනාධිපතිවරණය ලෝක ටෙස්ට් ඉතිහාසය වෙනස් කරයි.

නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සැප්තැම්බර් 18 සිට

International Cricket

157

නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සැප්තැම්බර් 18 සිට 

ටෙස්ට් තරග 2ම ගාල්ලට 

නවසීලන්ත කණ්ඩාවයමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් ප්‍රකාශයට පත් කළේය. 

ඒ අනුව තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලිය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. එහි පළමු තරගය සැප්තැම්බර් 18 සිට 23 දක්වාත් දෙවැනි තරගය සැප්තැම්බර් 326 සිට 30 දක්වාත් පැවැත්වීමට සැළසුම් කර තිබේ 

ලෝක ශූරතා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට අදාළව මෙම තරගාවලිය පැවැත්වේ.

කෙසේ වෙතත් සැප්තැම්බර් 21 ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය පැවැත්වෙන නිසා පළමු තරගයේදී එදින විවේක දිනයක් ලෙස නම් කර තිබීම ද විශේෂත්වයකි. වසර 143 ක ටෙස් ඉතිහාසය තුල මෙවන් අවස්ථාවක් සිදුවූ පළමු අවස්ථාව මෙයයි.