තෙවැනි ටෙස්ට් තරගයේදී එංගලන්ත පිතිකරණ වගකීම අලුත් වෙයි.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තෙවැනි ටෙස්ට් තරගයේදී එංගලන්ත පිතිකරණ පුහුණුකරු ලෙස ඇන්ඩෘ ෆ්ලින්ටොෆ් පත් කර ඇති බව වාර්තා වේ.

International Cricket

5

එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තෙවැනි ටෙස්ට් තරගයේදී එංගලන්ත පිතිකරණ පුහුණුකරු ලෙස ඇන්ඩෘ ෆ්ලින්ටොෆ් පත් කර ඇති බව වාර්තා වේ. 

ඒ අනුව එංගලන්ත පිතිකරණ පුහුණුකරු මාකස් ටේ‍රස්කොටික් කෙටි විවේකයක් වෙනුවෙන් පිටත්වයෑමට නියමිතව තිබීම ඊට හේතුවයි. කෙසේ වෙතත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඕස්ටේ්‍රලියා - එංගලන්ත එක්දින තරගාවලියේදී ද එංගලන්තයේ වැඩබලන පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතව ඇත්තේ මාකස් ටේ‍රස්කොටික් බව ද සඳහන්ය. 

එසේම නිමා වූ වසරක කාලයේදී එංගලන්ත පිලේ පුහුණු කාර්යමණ්ඩල සාමාජිකයකු ලෙස ඇන්ඩෘ ෆ්ලින්ටොෆ් කටයුතු කළේය. එසේ වුවත් ඉදිරියේදී පැවැත්වෙන එංගලන්ත-ඕස්ටේ්‍රලියා එක්දින සහ විස්සයි-20 තරගාවලියේදී ඔහු අදාළ තනතුරේ කටයුතු නොකරන බවද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබිණි.