19න් පහළ කාන්තා ක්‍රිකට් පිල ඕස්ටේ්‍රලියාවට

ශ්‍රී ලංකා, ඕස්ටේ්‍රලියා සහ නවසීලන්ත වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම් තරගාවලියට

Womens Cricket

10

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම ඉදිරියේදී ඕස්ටේ්‍රලියාවේ තරග සංචාරයක් සඳහා එක්වීමට නියමිතව ඇති බව ක්‍රිකට් ආයතනය පසුගියදා නිවේදනය කළේය. මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා, ඕස්ටේ්‍රලියා සහ නවසීලන්ත වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම් එක්වීමට නියමිතව ඇත. 
ඒ අනුව යොවුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට විදෙස් තරග අත්දැකීම් ලබා දීමත් එහි තත්ත්වයන් ගැන අවබෝධයක් ලබා දීමත් මෙහි අරමුණ බව සඳහන්ය. මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා කාන්තා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම, ඕස්ටේ්‍රලියානු සහ නවසීලන්ත යොවුන් කාන්තා කණ්ඩායම් අතර විස්සයි-20 තරග 4ක් සහ එක්දින තරග 2ක් පැවැත්වීමට නියමිතව තිබේ. 
එහි පළමු විස්සයි - 20 තරගය ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මෙම මස 20 වැනිදා පැවැත්වෙන අතර දෙවැනි තරගය ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්‍රලියාව අතර 22 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත. තෙවැනි තරගය ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්‍රලියාව අතර 25 වැනිදා පැවැත්වීමට සැළසුම් කර තිබේ. තුන්කොන් තරගාවලියේ සිවු වැනි තරගය ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර 26 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත. 
මේ අතර අදාළ තරගාවලිය වෙනුවෙන් පැවැත්වෙන පළමු එක්දින තරගය මෙම මස 30 වැනිදා ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්‍රලියාව අතර පැවැත්වීමට සැළසුම් කර තිබේ. එසේම මෙම තරගාවලියේ අවසන් තරගය ලෙස පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර එක්දින තරගය පැවැත්වීමට සැළසුම් කර ඇත්තේ ඔක්තෝබර් මස 1 වැනිදාය.