2024 විස්සයි-20 ලෝක කුසලානය ගැන රූපවාහිනී නාලිකා අසතුටින්

විස්සයි-20 ලෝක කුසලායේ නිල විකාශන අයිතිය දැරූ ‘ඩිස්නි-ස්ටාර්‘ සමාගම අයි.සී.සී.ය වෙත තම නොසතුට පළ කරයි.

International Cricket

9

ඇමෙරිකා එක්සත් ජනපදය සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදී පැවැති විස්සයි-20 ලෝක කුසලානය සම්බන්ධයේ එහි නිල විකාශන අයිතිය දැරූ ‘ඩිස්නි-ස්ටාර්‘ සමාගම අයි.සී.සී.ය වෙත තම නොසතුට පළ කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව අදාළ තරගාවලියේ ඉලක්ක වෙත ලඟා වීමට නොහැකි වීම සම්බන්ධයෙන් මෙවන් තත්ත්වයක් උද්ගත වී ඇති බව සඳහන්ය.
එසේම මෙහිදී අදාළ සමාගම අයි.සී.සී.යෙන් ප්‍රශ්න කර තිබුණේ විකාශන අයිතිය ලබා ගැනීම වෙනුවෙන් සිදු කළ සුවිශාල අයෝජනය සාධාරණීකරනය කළ හැකි අයුරින් එම තරගාවලිය පැවැත්විය හැකි වූයේද යන්නයි. එනම් අදාළ තරගාවලියේ බොහෝ තරග පැවැත්වූයේ ආසියාවේ වේලාවෙන් උදෑසන කාලයේදීය. එම නිසා අදාළ තරගාවලියේ නරඹන්නන් සංඛ්‍යාව බොහෝසෙයින් පහත වැටුනු බව අදාළ සමාගම පෙන්වා දී තිබේ.
ඊට අමතරව නිව්යෝක් නාසු ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තත්ත්වය සම්බන්ධයෙන් ද එම සමාගම අසතුට පළ කර තිබිණි. ඊට අමතරව වර්ෂාව හේතුවෙන්  තරග කිහිපයක් අතහැර දැමීමට සිදු වීම නිසා තම ආයතනයට ඩොලර් මිලියන 100ක පමණ වට්ටමක් ලෝක කුසලානය වෙනුවෙන් අපේක්ෂා කරන බවද දක්වා තිබිණි. කෙසේ වෙතත් නිමා වූ 2024 වසරේ ලෝක කුසලාන විස්සයි-20 තරගාවලියෙන් ඇරඹි ‘ඩිස්නි ස්ටාර්’ සමාගම සහ අයි.සී.සී.ය අතර ගිවිසුමේ සමස්ත වටිනාමක ඩොලර් බිලියන 3කි.