නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලිය යාපනය ලකුණු සටහනේ පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් සංවිධානය කරනු ලබන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ තවත් තරග 2ක් පසුගියදා (31දා) නිමාවට පත් විය.

National Cricket

74
එහිදී දඹුල්ල කණ්ඩායමට එරෙහිව ලකුණු 45ක පහසු ජයක් හිමිකර ගත් කොළඹ කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත් විය. කෙසේ වෙතත් යාපනය කණ්ඩායම එහි ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණේ පසුවෙයි. 
ඒ අනුව පසුගියදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී පළමුව ලකුණු රැස්කළ කොලඹ කණ්ඩායම පන්දුවාර 38ක දී රැස්කළ ලකුණු සංඛ්‍යාව 255කි. එහි දී සුපිරි පිතිකරණයක නිරත වූ චරිත් අසලංක ලකුණු 111ක් ලබා ගත් අතර දසුන් ශානක ලකුනු 23ක්, ක්‍රිෂාන් සංජුල ලකුණු 38ක් සහ අශේණ් බණ්ඩාර ලකුණු 38ක් රැස්කරමින් දස්කම් දැක්වීය. පන් දු යැවීමේදී චමිඳු විජේසිංහ කඩුලු 3ක් බිඳහෙලීය. 
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල කණ්ඩායමට පන්දුවාර 36කදී සියලුදෙනා දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 211ක් පමණි. පුළිඳු පෙරේරා ලකුණු 40ක් රැසකළ අතර රවිඳු පෙරේරා නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 95කි. පන්දු යැවීමේදී ප්‍රමෝද් මධුෂාන් සහ දිලුම් සුධීර කඩුලු 3 බැගින් බිඳහෙලීය. 
මේ අතර හම්බන්තොටදී පැවැති යාපනය සහ මහනුවර අතර තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදු විය. 
එම තරගයේ පළමුව ලකුණු රැස්කළ මහනුවර කණ්ඩායම පන්දුවාර 39ක දී කඩුලු 4කට ලකුණු 172ක් ලබා ගත්තේය. අහන් වික්‍රමසිංහ ලකුණු 52ක්, චාමික කරුණාරත්න ලකුණු 64ක් සහ අහන් වික්‍රමසිංහ ලකුණු 32ක් රැස්කරගෙන තිබිණි. පන්දු යැවීමේ දී ඉෂිත විජේසුන්දර කඩුලු 4ක් බිඳහෙලීය. 
කෙසේ වෙතත් තරගය විසඳුමකින් තොරව නිමා කරන අවස්ථාව වන විට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටි යාපනය කණ්ඩායම පන්දුවාර 15කදී කඩුලු 4කට රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 78කි.