කෝලිට කෝටි 66ක ආදායම් බද්දක්

ඉන්දීය ක්‍රීඩකයකු විසින් ගෙවා ඇති ඉහළම බදු අගය

International Cricket

104

කෝලිට කෝටි 66ක ආදායම් බද්දක්

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි නිරන්තරයෙන් පුවත් මවන චරිතයකි. ඒ අනුව ඔහු සම්බන්ධයෙන් නවතම පුවතක් ඊයේ (5දා) ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබූ අතර එහි දක්වා තිබුණේ 2023-2024 මුල්‍ය වර්ෂය වෙනුවෙන් විරාත් කෝලි ඉන්දියන් රුපියල් කෝටි 66ක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 234කට අධික මුදලක්) ආදායම් බදු වශයෙන් ගෙවා ඇති බවයි. 

කෙසේ වෙතත් ඉන්දීය ක්‍රීඩකයකු විසින් ගෙවා ඇති ඉහළම බදු අගය ලෙස මෙය වාර්තා අතරට එක්වීම ද විශේෂත්වයකි. 

ඊට අමතරව ඉන්දීය හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි ඉන්දියන් රුපියල් කෝටි 38ක් සහ සචින් ටෙන්ඩුල්කාර් ඉන්දියන් රුපියල් කෝටි 28ක මුදලක් ගෙවා ඇති බව ද සඳහන්ය. එසේම හිටපු ඉන්දිය නායකයකු යන සව්රව් ගංගුලි ඉන්දියන් රුපියල් කෝටි 23ක් සහ තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාන්ඩියා ඉන්දියන් රුපියල් කෝටි 13ක් 2023-2024 මුල්‍ය වර්ෂය වෙනුවෙන් ගෙවා ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.