ඔලිම්පික් මැරතන් ශූරිය ගිනි තබා මරා දමලා

පෙට්‍රල් යොදාගෙන ඇයට ගිනිතබා තිබේ.

International Athletics

159

මෙවර ප්‍රංශ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට එක්වූ උගන්ඩාවේ මැරතන් ශූරිය වන රෙබෙකා චෙප්තේගි ගිනි තබා මරා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. 

ඒ අනුව 33 හැවිරිදි රෙබෙකාගේ හිටපු පෙම්වතා විසින් පෙට්‍රල් යොදාගෙන ඇයට ගිනිතබා තිබේ. පසුගිය ඉරිදා සිදු වූ මෙම අවාසනාවන්ත සිදුවීම හේතුවෙන් රෙබෙකාගේ සිරුරට දැඩි ලෙස පිළිස්සුම් තුවාල සිදුව තිබූ බව ද සඳහන්ය. 

මිය යන විට කෙන්යාවේ වයඹ දිග ප්‍රදේශයේ දිවි ගෙවූ ඇය පසුගිය ඉරිදා දේවමෙහෙය සඳහා දේවස්ථානය වෙත ගොස් නැවත සිය නිවස වෙත පැමිණීමෙන් අනතුරුව මෙම ප්‍රහාරයට ලක්ව තිබිණි. විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ රෙබෙකා සහ ඇයගේ හිටපු පෙම්වතා අතර ඉඩම් කොටසක් වෙනුවෙන් පැවැති ආරවුලක් හේතුවෙන් මෙලෙස ඇය ඝාතනය කිරීමට හිටපු පෙම්වතා කටයුතු කර ඇති බවයි. 

කෙසේ වෙතත් පසුගිය වසර කිහිපය මුළුල්ලේම උගන්ඩාව තුළ ක්‍රීඩිකාවන්ට මෙවැනි අවස්ථාවන්ට මුහුණදීමට සිදුව තිබූ අතර 2021 වසරෙන් පසුව උගන්ඩාවේදී මියගිය තෙවැනි ජත්‍යන්තර තළයේ ක්‍රීඩිකාව ලෙස රෙබෙකා වාර්තා අතරට එක්වේ.