කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ අලුත් වූ ප්‍රධාන පුහුණුකරු තනතුර

අයි.පී.එල්. තරගාවලියේදී සංගක්කාරට හිමි වූ අලුත් වගකීම

International Cricket

138

2025 වසරේදී පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේදී කුමාර් සංගක්කාර, කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කිරීමේ වැඩි ඉඩක් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

ඒ අනුව කල්කටා කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු වන ගෞතම් ගම්භීර් ඉන්දීය ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරීත්වය භාර ගැනීම හේතුවෙන් සංගක්කාරට මෙම නව වගකීම හිමිවනු ඇති බව සඳහන්ය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සංගක්කාර සහ කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ කළමණාකාරීත්වය අතර සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ වෙතත් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂ තනුරින් සංගක්කාර නුදුරේදීම ඉවත් වනු ඇති බවත් අදාළ වාර්තාවන්හි වැඩිදුරටත් දක්වා තිබිණි.