හේරත්ගේ සේවය නවසීලන්තයට

ශ්‍රී ලංකා හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් නවසීලන්ත කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ධූරයට

International Cricket

86
ඇෆ්ගනිස්තානය සමඟින් ඉන්දියාවේදී පැවැත්වෙන ටෙස්ට් තරගය සහ නවසීලන්ත පිලේ ශ්‍රී ලංකා ටෙස්ට් තරග සංචාරය වෙනුවෙන් මෙම පත් කිරීම සිදු කර ඇත. කෙසේ වෙතත් අදාළ තනතුර මෙතෙක් කළක් දැරූ පාකිස්තානයේ සක්ලේන් මුෂ්ටාක් ඉන් ඉවත් කර මෙම පත් කිරීම සිදු කර තිබීමද විශේෂත්වයකි. 
මෑත කාලයේදී බංග්ලාදේශ ජාතික කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස රංගන හේරත් කටයුතු කළේය. 
ලෝකයේ වඩාත් සාර්ථකම වමත් දඟ පන්දු යවන්නා ලෙසින් සැළකෙන රංගන හේරත් තම ක්‍රිකට් දිවිය තුළ ටෙස්ට් තරග 93කදී කඩුලු 433ක් දවාගෙන තිබේ. 
ඊට අමතරව අදාළ තරගාවලි සඳහා නවසීලන්ත කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස ඉන්දියාවේ හිටපු පිතිකරණ පුහුණුකරු වික්‍රම් රාතෝර් පත් කර තිබීමද කැපී පෙනෙන සිදුවීමකි.