මොයින් අලී ජාත්‍යන්තර පිටියට සමු දෙයි.

එංගලන්ත පිලේ තුන් ඉරියව් ක්‍රීඩක මොයින් අලී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ.

International Cricket

19

මොයින් අලී එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 68ක්, එක්දින ජත්‍යන්තර තරග 138ක් මෙන්ම විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරග 92කට එක්වී තිබේ. ඔහු පළමු වරට එංගලන්තය නියෝජනය කරනු ලැබූවේ 2014 වසරේදීය.

තම ක්‍රිකට් දිවිය තුළ මොයින් අලී, එංගලන්තය වෙනුවෙන් ජාත්‍යන්තර ලකුණු 6678ක් රැස්කර ඇති අතර ඊට ශතක 8ක් සහ අර්ධ ශතක 28ක් ඇතුළත් වීම ද කැපී පෙනේ. ඊට අමතරව ජාත්‍යන්තර පිටියේ කඩුලු 366ක් එංගලන්තය වෙනුවෙන් දවා ගැනීමට ද මොයින් අලීට හැකියාව ලැබී ඇත.
එසේ වුවත් නිමා වූ විස්සයි-20 ලෝක කුසලානයේ ඉන්දියාව සමඟින් ක්‍රීඩා කළ අවසන් පූර්ව තරගය තමන් එංගලන්තය නියෝජනය කළ අවසන් තරගය බව මොයින් අලී නිවේදනය කර තිබිණි