සිම් ඇෆ්රෛා් ටී 10 තරගාවලියට ලංකාවෙන් 6ක්

සිම්බාබ්වේහිදී පැවැත්වෙන ‘සිම් ඇෆ්රෝ’ ටී - 10 ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 6 දෙනෙකු එක්වීමට නියමිතව තිබේ.

International Cricket

66

මෙම ගිවිසුම් යටතේ හරාරේ බෝල්ට්ස් කණ්ඩායම ශ්‍රී ලංකා හිටපු නායක දසුන් ශානක තම කණ්ඩායමට එක් කරගෙන ඇති අතර ඊට අමතරව ශෙහාන් ජයසූරිය සමඟින්ද එම කණ්ඩායම ගිවිසුම්ගතව ඇත. තිසර පෙරේරා සහ බිනුර ප්‍රනාන්දු එක්වී ඇත්තේ එන්.වයි.එස්. ලැගෝස් කණඩායම සමඟිනි.

ජෝබර්ග් බන්ග්ලා ටයිගර්ස් කණ්ඩායම විසින් කුසල් ජනිත් පෙරේරා සහ චරිත් අසලංක තම පිලට එක් කර ගෙන ඇත.
මීට අමතරව එන්.වයි.එස්. ලැගෝස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස චමින්ද වාස් කටයුතු කිරීමට නියමිතව ඇත. එසේම හරාරේ බෝල්ට්ස් පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ පුබුදු දසනායකයි.
මෙවර සිම් ඇෆ්රෝ ටී-10 ක්‍රිකට් තරගාවලිය මෙම මස 21 වැනිදා සිට 9 වැනිදා දක්වා සිම්බාබ්වේහි හරාරේ නුවරදී පැවැත්වීමට නියමිතව තිබේ.