ඇමෙරිකානු විවෘත ටෙනිස් කිරුළ සිනර්ට

ඉතාලි ජාතිකයෙක් විසින් ඇමෙරිකානු විවෘත ටෙනිස් පිරිමි ශූරතාවක් දිනා ගත් පළමු අවස්ථාව

International Tennis

79
ඇමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි ශූරතාව ඉතාලියේ ජානික් සිනර් පෙරේදා (8දා) දිනා ගත්තේය. ඉතාලි ජාතිකයෙක් විසින් ඇමෙරිකානු විවෘත ටෙනිස් පිරිමි ශූරතාවක් දිනා ගත් පළමු අවස්ථාවද මෙය විය. ඇමෙරිකාවේ ටේලර් ෆ්‍රයිට්ස් සමඟ පැවැති අවසන් තරගයේදී තරග වට 3-0ක් ලෙස සිනර් ජයග්‍රහණය කළේය. එහිදී 6-3, 6-4, 7-5 ක් ලෙස සිනර් තරග වට තුනෙහිම ජය ලබා ගත්තේය. 23 හැවිරිදි වියෙහි පසුවන සිනර් මේ වනවිට ජාත්‍යන්තර පිරිමි ටෙනිස් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයෙහි පසු වෙයි. ඔහු මෙම ශූරතාවට අමතරව මෙම වසරේ ප්‍රංශ විවෘත ශූරතාව මෙන්ම ඔස්ට්‍රේලියානු විවෘත ශුරතාවද දිනා ගත්තේය.