වෙල්ලාලගේට සහ හර්ෂිතාට අයි.සී.සී. සම්මාන

ශ්‍රී ලංකා ක්‍රීඩකයකු හා ක්‍රීඩිකාවක් එකවර සම්මාන දිනා ගත් පළමු අවස්ථාව

International Cricket

57

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් පිරිණැමෙන මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව සමම්ාන ද්විත්වයම මෙවර ශ්‍රී ලංකාවට හිමිව තිබීම විශේෂත්වයකි. එසේම මෙම සම්මානය එකම රටක ක්‍රීඩකයකුට හෝ ක්‍රීඩිකාවට හිමි වූ දෙවැනි අවස්ථාව ලෙස ද මෙය වාර්තා අතරට එක්වනු ඇත. 

ඒ අනුව නිමා වූ අගෝස්තු මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය දුනිත් වෙල්ලාලගේට හිමිවී ඇති අතර මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාව සම්මානය හිමි වී ඇත්තේ හර්ෂිතා සමරවික්‍රමටයි. 

නිමා වූ ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේදී දුනිත් වෙල්ලාලගේ දැක්වූ තුන් ඉරියව් දස්කම් හේතුවෙන් ඔහු මෙම සමම්ානයට පාත්‍ර වී තිබීම විශේෂත්වයකි. ඉන්දියාවට එරෙහිව තරග 2-0ක ජයක් ශ්‍රී ලංකාවට හිමිවූ එම තරගාවලියේ වීරයා සම්මානය දිනා ගත්තේ ද දුනිත් වෙල්ලාගේයි. එසේම අයි.සී.සී. මාසයේ ක්‍රීඩකයා සම්මානය හිමිකර ගත් 5 වැනි අවස්ථාව ලෙස ද මෙය වාර්තා අතරට එක්වේ. 

වෙල්ලාලගේට අමතරව දකුණු අප්‍රිකාවේ කේෂව් මහාරාජ් සහ බටහිර ඉන්දීය කොදෙව්හි ජේඩන් සීල්ස් ද අගෝස්තු මාසයේ ක්‍රීඩකයා සම්මානය සඳහා නිර්දේශ වී තිබිණි. 

එසේම ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ අයර්ලන්ත තරග සංචාරයේදී දැක්වූ දස්කම් හේතුවෙන් හර්ෂිතා සමරවික්‍රමට නිමා වූ අගෝස්තු මාසයේ ක්‍රීඩිකාව සම්මානය හිමිවී තිබේ. එසේම මෙම සම්මානය දිනා ගත් දෙවැනි ශ්‍රී ලංකා ක්‍රීඩිකාව වන්නේ ද හර්ෂිතායි.