සිවුවැනි විස්සයි-20 තරගයෙන් ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩිකාවන්ට ජය

බංග්ලාදේශ කාන්තා ‘ඒ’ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2024

International Cricket

97

බංග්ලාදේශ කාන්තා ‘ඒ’ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය වෙනුවෙන් ඊයේ (17දා) පැවැති සිවු වැනි විස්සයි-20 තරගයෙන් ලකුණු 19ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හැකි විය.

කොළඹ තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ පළමුව ලකුණු රැස්කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5කට රැස්කළ ලකුණු සංඛ්‍යාව 124කි. ශ්‍රී ලංකාව වෙනුවෙන් සත්‍යා සන්දීපනී නොදැවී ලකුණු 46ක් රැස්කළ අතර පියුමි වත්සලා ලකුණු 29ක් ලබා ගත්තාය. මල්ෂා ශෙහානි නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 21කි.
බංග්ලාදේශය වෙනුවෙන් පන්දු යැවීමේදී මරූෆා අක්තර් සහ ෆාතිමා කටූන් කඩුලු 2 බැගින් බිඳහෙලීය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ ‘ඒ’ පිලට පන්දුවාර 19.3කදී සියලුදෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණූ 105ක් පමණි. ශමීමා සුල්තාන් ලකුණු 38ක් සහ ශෝනා අක්තර් ලකුණු 28ක් ලබා ගත්ත ද ජයග්‍රහණය සඳහා එය ප්‍රමාණවත් නොවීය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේ දී චේතනා විමුක්ති, නිමේෂා මධුෂානි, තාරුකා ශෙහානි සහ දෙව්මි විහංගා කඩුලු 2 බැගින් බිඳහෙලීය.