බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම සමඟින් පැවැති තෙවැනි විස්සයි-20 තරගයෙන් කඩුලු 4ක පරාජයක් අත්විඳීමට ශ්රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට අද (8දා) සිදු විය.
මග්ගොන සරේ ක්රීඩාංගණයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව ලකුණු රැස්කළ ශ්රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6කට රැස්කරගත හැකි වූයේ ලකුණු 109ක් පමණි.
එහිදී ශ්රී ලංකාව වෙනුවෙන් දැහැමි සෙනෙත්මා ලකුණු 24ක්, මනුදි නානායක්කාර ලකුණු 16ක්, හිරුණි හංසිකා නොදැවී ලකුණු 24ක්, ශෂිනි ගිම්හානි නොදැවී ලකුණු 14ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූහ. බංග්ලාදේශය වෙනුවෙන් පන්දු යැවීමේදී අනිසා අක්තර් කඩුලු 2ක් දවා ගත් අතර නිෂිතා අක්තර්, ෆහෝමිදා චෝයා සහ හබීබා ඉස්ලාම් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම පන්දුවාර 19.4කදී කඩුලු 6ක් පමණක් දැවී එම තරගයේ ජය වාර්තා කර ගැනීම කැපී පෙනිණි. එහිදී ෆහෝමිදා චෝයා ලකුණු 38ක්, සයිදා ඉස්ලාම් ලකුණු 24ක්, අෆියා අශිමා නොදැවී ලකුණු 26ක් රැස්කරමින් බංග්ලාදේශය ජයග්රහණය කරා රැගෙන ගියහ. ශ්රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී රෂ්මිකා සෙව්වන්දි සහ ශෂිනි ගිම්හානි අතරේ කඩුලු 2 බැගින් බෙදී ගිය අතර චමෝදි ප්රබෝධා එක් කඩුල්ලක් දවා ගත්තාය.
ලකුණු සාරාංශ
ශ්රී ලංකා කාන්තා 19න් පහළ ඉනිම - 109/6 (20) (දැහැමි සෙනෙත්මා 24, හිරුණි හංසිකා නොදැවී 24, මනුදි නානායක්කාර 16, අනිෂා අක්තර් 17/2, නිෂිතා අක්තර් 25/1)
බංග්ලාදේශ කාන්තා 19න් පහළ ඉනිම - 113/6 (19.4) (ෆහෝමිදා චෝයා 38, සයිදා ඉස්ලාම් 24, අෆියා අශිමා නොදැවී 26, රෂ්මිකා සෙව්වන්දි 17/2, චමෝදි ප්රබෝධා 26/1, ශෂිනි ගිම්හානි 22/2)