ආරක්ෂක සේවා බර ඉසිලීමේ තරගාවලිය පසුගියදා නිමාවට පත් වූයේ එහි පිරිමි අංශයේ ශූරතාව යුද හමුදා කණ්ඩායමට හිමිකර දෙමිනි. එහි කාන්තා ශූරතාව හිමි වූයේ ගුවන් හමුදා කණ්ඩායමටයි.
කොළඹ ටොරිංටන් ගෘහස්ථ ක්රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලියේ සමස්ත ශූරතාව හිමිකර ගත් යුද හමුදාවට ප්රසාද ලකුණු 40ක් හිමිව තිබිණි. ඒ අනුව ඔවුන් මෙවර තරගාවලියේදී රන් පදක්ක ම් 6ක් දිනා ගෙන තිබීම කැපී පෙනිණි. අනු ශූරතාව හිමිකර ගත් ගුවන් හමුදාවට ප්රසාද ලකුණු 28ක් හිමි වී තිබූ අතර ඔවුන් රන් පදක්කම් 3ක් දිනාගෙන තිබිණි. තෙවැනි ස්ථානය හිමිව තිබුණේ නාවික හමුදා කණ්ඩායමටයි.
ශ්රී ලංකා යුද හමුදාවේ සංදු ජයවර්ධන, පිරිමි අංශයේ දක්ෂතම ක්රීඩකයා ලෙස සම්මාන දිනා ගත්තේය.
කාන්තා අංශයේ ශූරතාව හිමිකර ගත් ගුවන් හමුදා කණ්ඩායමට ප්රසාද ලකුණු 40ක් හිමිව තිබුණේ රන් පදක්කම් 6ක් සමඟිනි. අනුශූරතාව නාවික හමුදාවටත් තෙවැනි ස්ථානය ශ්රී ලංකා යුද හමුදාවටත් හිමි විය.
කාන්තා අංශයේ දක්ෂතම ක්රීඩිකාව සම්මානය ගුවන් හමුදාවේ හංසිනී ගෝමස් සම්මාන දිනා ගත්තාය.