ඩයලොග් පාසල් රග්බි තරගාවලියේ ජනාධිපති කුසලානය දිනා ගැනීමට ඊයේ (18දා) කොළඹ ඉසිපතන විද්‍යාලයට හැකි විය. 2025 පාසල් රග්බි ජනාධිපති කුසලාන තරගාවලියේ අවසන් තරගය (18දා) කොළඹ ඉසිපතන විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර කොළඹ රාජකීය විද්‍යාලයීය රග්බි ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. එහිදී ගෝල 12-9 ක් ලෙස ඉසිපතන විද්‍යාලයීය කණ්ඩායමට තරගයේ ජය හිමිවිය.
ඉතා තියුණු මුහුණුවරක් ගත් තරගයේ පළමු අර් ධය නිමා වූයේ ගෝල් 7-6ක් ලෙස ඉසිපතන විද්‍යාලය පෙරමුණ ගනිමිනි. තරගයේ දෙවැනි අර්ධයේදී ත්‍රිත්ව විද්‍යාලයට මෙන්ම ඉසිපතන විද්‍යාලයට දඬුවම් පහර කිහිපයක් මඟ හැරීමද කැපී පෙනුණි. තරගයේ 49 වැනි මිනිත්තුවේදී දෙපාර් ශ්වය අතර කිසියම් උණුසුම් තත්ත්වයක් පැන නැගුණු අතර විනිසුරුගේ අවවාද කිරීමෙන් අනතුරුව නැවත තරගය ආරම්භ විය. උණුසුම් මුහුණුවරක් ගත් තරගයේ දෙවැනි අර් ධයේ 60 වැනි මිනිත්තුවේ යළිත් සාර්ථක වූ ත්‍රිත්ව විද්‍යාලයේ ශාන් අල්තාෆ් දඬුවම් පහරක් සාර් ථක කර ගනිමින් ත්‍රිත්ව ලකුණු පුවරුව ගෝල 9ක් දක්වා ඉහළ නංවමිනි. කෙසේ නමුත් තරගයේ අවසන් මිනිත්තුවේදී ප්‍රවර් තන ගෝලයක් වාර් තා කළ ඉසිපතන විද්‍යාලයේ යුවිඳු කොඩිතුවක්කු නොතිබූ ජයක් තම විද්‍යාලයට රැගෙන ආවේය.
ඒ අනුව මෙහිදී ඉසිපතන විද්‍යාලය දඬුවම් පහරක්, උත්සාහක දිනුමක්, ප්‍රවර් තන ගෝලයක් වාර් තා කළේය. ත්‍රිත්ව විද්‍යාලය වාර්තා කළ දඬුවම් පහර 3ම ෂාන් අල්තාෆ් විසින් වාර්තා කිරීම කැපී පෙනුණි. ඒ අනුව පිට පිට දෙවැනි වරටත් කොළඹ ඉසිපතන විද්‍යාලය ඩයලොග් රග්බි ජනාධිපති කුසලානයට හිමි කම් කීම කැපී පෙනුණි.
මෙම තරගාවලියේ ප්‍රිමියර් කුසලාන අවසන් තරගය කොළඹ ආනන්ද විදුහල සහ කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය අතර (18දා) කොළඹ හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. එම තරගය ගෝල 25-10ක් ලෙස ජය ගත් කොළඹ ආනන්ද විදුහල ප්‍රිමියර් කුසලානයට හිමිකම් කීවේය.
මෙහි සභාපති කුසලාන අවසන් තරගයද මහරගම මැදි විදුහල සහ බොරැල්ල ලලිත් ඇතුලත්මුදලි විදුහල අතර (18දා) හැව්ලොක් පිටියේදී පැවැත්විණි. එම තරගය ගෝල 12-8ක් ලෙස ජය ගත් මහරගම මැදි විදුහල කණ්ඩායම මෙහි සභාපති කුසලානයට හිමිකම් කීවේය.