දකුණු ආසියානු සෙස්ටොබෝල් තරගාවලිය

සමස්ථ ශූරතාවය ශ්‍රී ලංකාවට

Other Sports

1000

රත්නපුර නව නගර ගෘහස්ථ ක්‍රීඩාගාරය පැවති  දකුණු ආසියානු සෙස්ටොබෝල් තරගාවලියේ කාන්තා සහ පිරිමි ශූරතා ද්විත්වයම ශ්‍රී ලංකා කණ්ඩායම විසින් හිමිකර  ගැනීමට සමත් විය.  මෑත කාලයේ ශ්‍රී ලංකාව තුල අතිශය ජනප්‍රිය ක්‍රීඩාවක් වූ සෙස්ටොබෝල් ක්‍රීඩාවේ දකුණු ආසියානු සෙස්ටොබෝල් තරගාවලිය මෙවර පැවැත්වූයේ දෙවන වරටය. මෙම තරගාවලිය සදහා  ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංගලාදේශය නියෝජනය කරමින් කණ්ඩායම් සහභාගි විය. 

පිරිමි අවසන් තරගය ඉන්දියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්විනි. එම තරගයෙන්ශ්‍රී  ලංකාවට 60-38 ක  ජයක් අත්විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ ඩී.එම්.වී.ඩී. රණසිංහ ක්‍රීඩකයා තරගාවලියේ දක්ශතම ක්‍රීඩකයා විය.

කාන්තා අවසන් තරගයද ඉන්දියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්විනි.එම තරගයෙන් ශ්‍රී  ලංකාවට 52-10 ක  ජයක් අත්විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ  පී,ආර්.ඕ. ඕශධී වීරසිංහ ක්‍රීඩිකාව තරගාවලියේ දක්ශතම ක්‍රීඩිකාව විය. ලකුණු තත්වය 52-10 ලෙස ශ්‍රී ලංකාවට ජය ලැබිණි.