ග්‍රාමීය ක්‍රීඩකයින් 15000කට පාපන්දු වරම්

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ වාර්ෂික සමුළුව

National Football

1000

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ වාර්ෂික සමුළුව පසුගියදා කොළඹදී නිමාවට පත් වූ අතර මෙම වසර තුළ, සංගමය විසින් සෑම ප්‍රාදේශීය ලීගයකටම (61ක්) රුපියල් මිලියනයක් දක්වා මුදලක් වෙන්කිරීමේ නියමයක් යටතේ, යොවුන් සහ ක්‍රීඩා සමාජ තරඟාවලී සංවිධානයට ආධාර කළ යුතු බවත් එම වැඩසටහන යටතේ ගම්මානවල සිට 15,000කට වැඩි ක්‍රීඩකයින් සඳහා පාපන්දු තරඟාවලීවලට සහභාගි වීමේ අවස්ථාවන් උදා කිරීමට නියතමිව ඇති බවත් එහිදී අනාවරණය විය. 
ඒ අනුව මෙම වාර්ෂික සමුළුවේදී ශ්‍රී ලංකා පාපන්දු සංගමය (ත්‍ත්‍ීඛ) විසින් රුපියල් මිලියන 930කට අධික වාර්ෂික අයවැයක් සම්මත කිරීම සිදු විය. සංගමයට අයත් සියලු‍ම 61 ලීග එකඟව මේ තීරණය අනුමත කළ අතර, සියලු‍ම යෝජනා සියයට 100ක් වූ ඡන්ද මතය ලබා සම්මත වීම ද විශේෂත්වයකි. 
මෙම සම්මේලනය අමතමින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් මහතා පෙන්වා දුන්නේ, පසුගිය වසර දෙක තුළ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම විශාල ලෙස ශක්තිමත් කර ඇති බවත්, 2024 වසරේ දී ලබාගත් සාධන අතිශයින්ම හිතකර වූ බවත්ය. “2024 දී ශ්‍රී ලංකා කණ්ඩායම ත්‍ෂත්‍් ලෝක ශේණිගත කිරීම්වලදී ස්ථාන 7කින් ඉහළ ගියා. මේක දකුණු ආසියාවේ කිසිදු රටක් නොලැබූ විශාලම උත්තර්ණයකි,” යැයි ඔහු සඳහන් කළේය.
ඊට අමතරව ජාතික කණ්ඩායමේ තරග වලට අමතරව, දේශීය තරඟාවලී නැවත ක්‍රියාත්මක කිරීම සඳහාද විශේෂ ක්‍රියාමාර්ග ගන්නා බව සභාපතිවරයා පැවසීය.
මෙම අවස්ථාව සඳහා මාධ්‍යවේදීන්, පුහුණුකරුවන්, ව්‍යාපාරික හවුල්කරුවන් සහ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්තුමන්ද ඔහුගේ නිල ධුරයෙන් සහභාගි වූහ.