මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන්‌ තෝරා ගැනීමේ පරීක්ෂණ ජුලි 1 සිට 4 දක්වා

මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලිය 2025

Volleyball

1000

මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ පරීක්ෂණ ජුලි 1දා සිට ජුලි 4දා දක්වා කොළඹ ටොරින්ටන් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙහි ක්‍රීඩකයන් තෝරා ගැනීමේ පරීක්ෂණ ජුලි 1, 2 දිනවල උදෑසන 8ට ආරම්භ වෙයි. ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ පරීක්ෂණ ජුලි 3,4 දිනවල උදෑසන 8ට ආරම්භ වීමට නියමිතය. මෙම පරීක්ෂණ සඳහා ඉදිරිපත් වීමට අපේක්ෂා කරන ක්‍රීඩකයින් ජුලි 1 දා උදෑසන 8ටත් ක්‍රීඩිකාවන් ජුලි 3 වැනිදා උදෑසන 8ටත් ටොරින්ටන් ගෘහස්ථ ක්‍රීඩාංගණයට පැමිණ ලියාපදිංචි වන ලෙස ශ්‍රී ලංකා වොලිබෝල් සංගමය දන්වා සිටියි. 

මධ්‍යම ආසියානු පිරිමි වොලිබෝල් තරගාවලිය ඔක්තෝබර් 22දා සිට 28දා දක්වා බංග්ලාදේශයේදීත් කාන්තා තරගාවලිය‌ නොවැම්බර් 6දා සිට 15දා දක්වා නේපාලයේදීත් පැවැත්වීමට නියමිතය. වැඩිදුර විස්තර 0112 669 3344 අංකයෙන් ශ්‍රී ලංකා වොලිබෝල් සංගමය ඇමතීමෙන් දැන ගත හැකිය