ශ්‍රී ජයවර්ධනපුර කලාප පාපන්දු තරගාවලිය

ශූරතාව ඒෂියන් ග්‍රැමර් පාසලට

Schools Football

1000

ශ්‍රී ජයවර්ධනපුර කලාප පාපන්දු තරගාවලිය පසුගියදා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. එහි අවුරුදු 16න් පහළ පාපන්දු බාලක ශූරතාව ඒෂියන් ග්‍රැමර් පාසල දිනා ගනිද්දී අනුශූරතාව හොරයිසන් ජාත්‍යන්තර පාසලට හිමිවිය. තෙවැනි ස්ථානය ලබාගත්තේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයයි. ඒෂියන් ග්‍රැමර් සහ හොරයිසන් කණ්ඩායම් අතර පැවති අවසන් තරගයේ නියමිත කාලය අවසන් වූයේ දෙපිලම ගෝලය බැගින් ලබා ලකුණු සම තත්ත්වයේ සිටියදීය. ඒ අනුව දඬුවම් පහර මගින් ඒෂියන් ග්‍රැමර් පාසල ශූරතාව දිනාගත්තේ ය. ජයග්‍රාහී ඒෂියන් ග්‍රැමර් පාපන්දු කණ්ඩායම මෙසේය. 

පසු පෙළ වමේ සිට දකුණට :- සප්සරණි කෝදාගොඩ (ක්‍රීඩා සම්බන්ධීකාරක) රොහාන් වික්‍රමරත්න (ප්‍රධාන පුහුණුකරු), නෙතුජ මින්හස්, තරුල් ෆොන්සේකා, මොවිඳු විතානගේ, ලිතික පෙරේරා, චෙනුක විජේනායක, ඩිත්නාල් ඒකනායක (නායක), ෂාහිල් රිස්නි, අරෝෂ් පිංතු (උපනායක), සෙනිත රාමනායක, ෂර්ලි බස්නායක (පුහුණුකරු), නදුනි වෙනුෂ්කා ( පාපන්දු ක්‍රීඩාව භාර ආචාරිනී), සුනිමල් තෙන්නකෝන් (පාසල් කළමනාකරු) ඉදිරි පෙළ වමේ සිට දකුණට :- සනුල ද සිල්වා, අකීල් හලාල්ඩීන්, ඉඳුවර ඒ. බණ්ඩාර, හිමාල් පෙරේරා, මොහමඩ් ආකීෆ්, ෆහාඩ් ඉර්ෂාඩ්, මුහමඩ් අල් මාහි, සිමාක් ෂියාම්ඩීන්