යුරෝපා නේෂන් ලීග් (ඹෑත්‍්) පාපන්දු තරගාවලියේ ශූරයන් ලෙසින් කිරුලු දරන්නට ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ප්‍රමුඛ පෘතුගාල කණ්ඩායම ඊයේ (9ද) සමත් විය.
එහි අවසන් මහා තරගයේදී ස්පාඤ්ඤ පාපන්දු කණ්ඩායම පරාජයට පත් කරමින් පෘතුගාලය මෙම ශූරතාවට හිමිකම් කීම කැපී පෙනිණි. කෙසේ වෙතත් දැඩි තියුණු මුහුණුවරක් ගත් මෙම තරගයේ නියමිත කාලය අවසන් වෙද්දීත් ගෝල 2 බැගින් රැස්කරමින් දෙපිළම සම තත්ත්වයේ පසු විය.
එහිදී පෘතුගාලය වෙනුවෙන් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ නූනෝ මෙන්ඩෙස් ද ස්පාඤ්ඤය වෙනුවන් මාටින් සහ මිකෙල් ගෝල රැස්කිරීමට සමත් විය. ඉන් අනතුරුව ලබා දුන් අතිරේක කාලයේදී ද කිසිදු කණ්ඩායමක් ගෝල වාර්තා නොකිරීම හේතුවෙන් තරගයේ ජයග්‍රාහකයා තීරණය කිරීමට දඬුවම් පහර යොදා ගැනීමට විනිසුරුවන් තීරණය කළහ.
එහිදී දඩුවම් පහර 5ක් සාර්ථක කරගන්නට පෘතුගාලය සමත් වද්දී ප්‍රතිවාදීන්ට සාර්ථක කරගන්නට හැකිවුණේ දඩුවම් පහර 3ක් පමණි.
ඒ අනුව දෙවන වරටත් යුරෝපා නේෂන් ලීග් තරගාවලියේ ශූරයන් ලෙසින් කිරුලු දරන්නට ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ප්‍රමුඛ පෘතුගාල කණ්ඩායම සමත් වීම කැපී පෙනිණි. මෙම ජයත් සමගින් යුරෝපා නේෂන් ලීග් තරගාවලි ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම බවටද පෘතුගාලය පත් වීම ද විශේෂත්වයකි.