ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන ලද 2024 ක්‍රිකට් සම්මන ප්‍රදානෝත්සවය ඊයේ (9දා) රාත්‍රියේ කොළඹදී නිමාවට පත් වූ අතර එහිදී එහිදී වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයෙන් ශ්‍රී ලංකා මැදපෙල පිතිකරු කමිදු මෙන්ඩිස් පිදුම් ලැබූ අතර වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාව සම්මානය හිමි වූයේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුටයි.
එසේම වසරේ නැගී එන ක්‍රීඩකයා සම්මානය ජනිත් ලියනගේ හිමි කර ගත්තේය.
වසරේ ටෙස්ට් ක්‍රිකට් හොදම තුන් ඉරියව් ක්‍රීඩකයා සම්මානය ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා දිනා ගනිද්දී, හොදම ටෙස්ට් පන්දු යවන්නා ලෙස ප්‍රභාත් ජයසූරියත්, හොදම ටෙස්ට් පිතිකරු ලෙස කමිදු මෙන්ඩිස් ද සම්මානයෙන් පිදුම් ලැබීය.
වසරේ හොදම එක්දින තුන් ඉරියව් ක්‍රීඩකයා සම්මානය දිනා ගත්තේ චරිත් අසලංක විසිනුයි. හොදම එක්දින පිතිකරු ලෙස පැතුම් නිස්සංක ද, හොදම එක්දින පන්දු යවන්නා ලෙස වනිදු හසරංග ද සම්මාන හිමි කර ගත්හ.
මේ අතර වසරේ හොදම විස්සයි 20 තුන් ඉරියව් ක්‍රීඩකයා සම්මානය ද වනිදු හසරංග හිමි කර ගත්තේය. හොදම විස්සයි 20 පන්දු යවන්නා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ ද වනිදු හසරංගයි. කුසල් මෙන්ඩිස් වසරේ හොදම විස්සයි 20 පිතිකරු ලෙස සම්මානයෙන් පිදුම් ලැබීම විශේෂත්වයකි.
ඊට අමතරව චමරි අතපත්තු වසරේ හොදම එක්දින තුන් ඉරියව් ක්‍රීඩිකාව, හොදම එක්දින පිතිකාරිණිය, හොදම විස්සයි 20 තුන් ඉරියව් ක්‍රීඩිකාව, හොදම විස්සයි 20 පිතිකාරිණිය හා හොදම විස්සයි 20 පන්දු යවන්නිය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීම ද කැපී පෙනිණි.
වසරේ හොදම එක්දින පන්දු යවන්නිය වූයේ කවීෂා දිල්හාරි.
මේ අතර ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනකු වන ස්ටැන්ලි සිල්වා, රංජිත් ප්‍රනාන්දු සහ චන්ද්‍රා ශාෆ්ටර් යන මහත්වරුන් ජීවිත කාලයටම එක්වරක් හිමිවන විශේෂ ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ අතර මාධ්‍ය ආවරණය ඔස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට සිදු කළ සේවය වෙනුවෙන් ප්‍රින්ස් ගුණසේකර සහ ප්‍රසන්න සංජීව තෙන්නකෝන් යන ක්‍රීඩා මාධ්‍යවේදීන් ද ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීය.