ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානත්වයෙන් හෝම් ලෑන්ඩ් සමූහයේ අනුග්‍රහයෙන් පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උලෙළ අද පැවැත්වීමට නියමිත අතර එහිදී දී වසරේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයාට හා දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මාන ඇතුළත් ගෞරව සම්මාන 46ක් පිරිනැමීමට නියමිතය.
කොළඹ සිනමන් ලයිෆ් හෝටල් පරිශ්‍රයේදී අද පස්වරුවේ පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උලෙළේදී ගෙවීගිය වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දක්ෂතා වෙනුවෙන් සම්මාන 18ක් හා දේශීය ක්‍රිකට් පිටියේ දැක්වූ දක්ෂතා වෙනුවෙන් සම්මාන 20ක් ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හිමිවන අතර, වසරේ හොඳම තරග තීරක, හොඳම විනිසුරු හා ක්‍රිකට් ක්‍රීඩාවට කරන ලද ගෞරවනීය සේවය වෙනුවෙන් ජීවිතයට එක්වරක් පිරිනැමෙන ගෞරව සම්මාන 6ක් ද මීට ඇතුළත්ය.
වනිඳු හසරංග හොඳම එක්දින පන්දු යවන්නා, හොඳම එක්දින තුන් ඉරියව් ක්‍රීඩකයා, හොඳම විස්සයි20 පන්දු යවන්නා හා හොඳම විස්සයි20 තුන් ඉරියව් ක්‍රීඩකයා යන සම්මාන 4ටම නිර්දේශ වී ඇති අතර, ක්‍රීඩිකාවන්ට පිරිනැමෙන සම්මාන හයටම චමරි අතපත්තුගේ නම නිර්දේශ වී තිබීම විශේෂත්වකි.
ධනංජය ද සිල්වා හොඳම ටෙස්ට් පිතිකරු හා හොඳම ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩකයා යන සම්මාන දෙකට නිර්දේශ වී ඇති අතර, පැතුම් නිශ්ශංක හොඳම එක්දින පිතිකරු හා හොඳම විස්සයි20 පිතිකරු යන සම්මාන දෙකටත්, මහීෂ් තීක්ෂණ හොඳම එක්දින පන්දු යවන්නා හා හොඳම විස්සයි20 පන්දු යවන්නා සම්මානවලට නිර්දේශ වී සිටී..
ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන ප්‍රදානෝත්සවයේ ක්‍රීඩකයන්ගේ නිර්දේශිත නම්:
වසරේ නැඟී එන ක්‍රීඩකයා -
මිලාන් රත්නායක, නිශාන් පීරිස්, ජනිත් ලියනගේ,
හොඳම ටෙස්ට් පිතිකරු -
ධනංජය ද සිල්වා, කමිඳු මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්,
හොඳම ටෙස්ට් පන්දු යවන්නා -
අසිත ප්‍රනාන්දු, ප්‍රභාත් ජයසුරිය, ළහිරු කුමාර,
හොඳම ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩකයා -
මිලාන් රත්නායක, ධනංජය ද සිල්වා,
හොඳම එක්දින පිතිකරු -
චරිත් අසලංක, පැතුම් නිශ්ශංක, ජනිත් ලියනගේ,
හොඳම එක්දින පන්දු යවන්නා -
මහීෂ් තීක්ෂණ, වනිඳු හසරංග, ජෙෆ්රි වැන්ඩර්සේ,
හොඳම එක්දින තුන් ඉරියව් ක්‍රීඩකයා -
චරිත් අසලංක, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ,
හොඳම විස්සයි20 පිතිකරු -
කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, පැතුම් නිශ්ශංක,
හොඳම විස්සයි20 පන්දු යවන්නා -
මහීෂ් තීක්ෂණ, මතීෂ පතිරණ, වනිඳු හසරංග,
හොඳම විස්සයි20 තුන් ඉරියව් ක්‍රීඩකයා -
ඇන්ජලෝ මැතිව්ස්, වනිඳු හසරංග.
ක්‍රීඩිකාවන්ගේ නිර්දේශිත නම්:
වසරේ හොඳම එක්දින පිතිකාරිනිය
- විශ්මි ගුණරත්න, චමරි අතපත්තු, හර්ෂිතා සමරවික්‍රම,
හොඳම එක්දින පන්දු යවන්නිය -
කවීෂා දිල්හාරි, අචිනි කුලසූරිය, චමරි අතපත්තු,
හොඳම එක්දින තුන් ඉරියව් ක්‍රීඩිකාව -
කවීෂා දිල්හාරි, චමරි අතපත්තු, හර්ෂිතා සමරවික්‍රම,
හොඳම විස්සයි20 පිතිකාරිනිය -
චමරි අතපත්තු, හර්ෂිතා සමරවික්‍රම, විශ්මි ගුණරත්න,
හොඳම විස්සයි20 පන්දු යවන්නිය -
කවීෂා දිල්හාරි, ඉනෝෂි ප්‍රනාන්දු, චමරි අතපත්තු,
හොඳම විස්සයි20 තුන් ඉරියව් ක්‍රීඩිකාව -
කවීෂා දිල්හාරි, චමරි අතපත්තු, හර්ෂිතා සමරවික්‍රම.