ආසියානු ස්කොෂ් තරගාවලියට ලංකාවෙන් 4ක්

ආසියානු කේවල ස්කොෂ් ශූරතා තරගාවලිය

Other Sports

1000

ආසියානු කේවල ස්කොෂ් ශූරතා තරගාවලිය නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් සිවවු දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පිටත්ව ගොස් තිබේ. 

ඒ අනුව රවිඳු ලක්සිරි, නෙවිඳු ලක්මන්, චනිත්මා සිනාලි සහ යෙහානි වොනාරා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගාවලියට එක්වීමට නියමිතව ඇත. ආදළ තරගාවලිය ඊයේ (17දා) ආරම්භ වූ අතර එය එළැඹෙන 21 වැනිදා දක්වා මලයාසියාවේදී පැවැත්වීමට නියමිතව ඇත. 

එහිදී පළමු වටයේ නෙවිඳු ලක්මන් කසකස්තාන ක්‍රීඩකයකු සමඟින් තරග බිමට පිවිසීමට නියමිතව ඇති අතර සෙසු තිදෙනාටම නිදහස් අවස්ථා හිමිවී තිබීම විශේෂත්වයකි.