2025 දකුණු ආසියානු කාන්තා වයස අවුරුදු 20න් පහළ පාපන්දු තරගාවලිය එළැඹෙන ජූලි මස 11 වැනිදා බංග්ලාදේශයේදී ආරම්භ වීමට නියමිතව තිබේ.
මෙම තරගාවලිය සඳහා සත්කාරක බංග්ලාදේශය සමඟින් ශ්‍රී ලංකාව, නේපාලය, භූතානය, එක්වීමට නියමිතව ඇත. ‘රවුන්ඩ් රොබින්’ ක්‍රමය යටතේ මෙහි තරග පැවැත්වෙන අතර තරගාවලියෙ අවසානයේ ඉහළම ප්‍රසාද ලකුණු සංඛ්‍යාව ලබා ගන්නා කණ්ඩායමට ශූරතාව හිමි වේ.
අදාළ තරගාවලිය ජූලි මස 21 වැනිදා නිමා වීමට නියමිතව ඇත.
මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම එක්වන පළමු තරගය ජූලි මස 1 වැනිදා සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සමඟින් පැවැත්වෙන අතර දෙවැනි තරගය භූතාන කණ්ඩායම සමඟින් පැවැත්වීමට නියමිතව ඇත්තේ ජූලි මස 13 වැනිදාය. ඉන් අනතුරුව 15 වැනිදා ශ්‍රී ලංකාව නේපාලය සමඟින් තරග බිමට පිවිසෙනු ඇත. යළිත් නේපාලය සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරගය ජූලි මස 17 වැනිදා පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි තරගය පැවැත්වෙන්නේ ජූලි මස 19 වැනිදාය. මෙහි ශ්‍රී ලංකාව එක්වන අවසන් තරගය ජූලි මස 21 වැනිදා භූතාන කණ්ඩායම සමඟින් පැවැත්වේ.