ඇමෙරිකා එක්සත් ජනපදයේ සැන් ෆ්‍රැන්සිස්කෝහිදී පැවැති 6 වැනි කැරම් ලෝක ශූරතාවයේ අනු ශූරතාව ලංකාවට

කැරම් ලෝක කුසලානයේ අනු ශූරතාව ලංකාවට

Other Sports

99

මෙවර කැරම් ලෝක කුසලාන තරගාවලියේ කණ්ඩායම් ඉසව්වන්හි අනු ශූරතාවයන්ගෙන් සෑහීමකට පත් වීමට ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි කැරම් කණ්ඩායමට පෙරේදා සිදු විය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ සැන් ෆ්‍රැන්සිස්කෝහිදී පැවැති 6 වැනි කැරම් ලෝක ශූරතාවයේ කණ්ඩායම් අංශයේදී අවසන් මහා තරගයන්හිදී ශ්‍රී ලංකා කාන්තා කැරම් කණ්ඩායම සහ පිරිමි කැරම් කණ්ඩායම ප්‍රභළ ඉන්දීය කණ්ඩායම් හමුවේ පරාජයට පත්වීම කැපී පෙනිණි. කෙසේ වෙතත් අවසන් වරට 2018 වසරේ පැවැති ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාව පිරිමි ශූරතාව හිමිකර ගනු ලැබූයේ ඉන්දීය පිල පරාජයට පත් කරමිනි. එසේ වුවත් කාන්තා කණ්ඩායම එම තරගාවලියේදී ද අනු ශූරතාව හිමිකරගෙන තිබිණි.
මේ අතර මෙවර කැරම් ලෝක කුසලානයේ පිරිමි යුගළ ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට ශහීඩ් හිල්මි සහ අනාස් අහමඩ් යුගලයට හැකි විය. එසේම එහි කාන්තා අංශයේ ශූරතාව හිමිකර ගැනීමට ද තරුෂි හිමහංසිකා සහ හිරුෂි මල්ෂානි සමත් වීම කැපී පෙනිණි.