2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පි.එල්.) ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් කිරීමට නියමිත ක්‍රීඩක ලැයිස්තුව තරගාවලි සංවිධායකයින් පසුගියදා ප්‍රකාශයට පත් කර තිබිණි. ඊට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 19 දෙනෙකු ඇතුළත් වීම විශේෂත්වයකි.
ඒ අනුව මෙවර අයි.පී.එල්. ක්‍රීඩක වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 29 දෙනෙකු ලියාපදිංචි වී තිබිණි. එසේ වුවත් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කිරීමට සුදුසුකම් ලබා ඇත්තේ ක්‍රීඩකයින් 19 දෙනෙකු පමණක් වීම විශේෂත්වයකි.
මෙවර අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසිය මෙම මස 24 සහ 25 යන දිනයන්හිදී සෞදි අරාබියේ ජෙඩාහිදී පැවැත්වීමට නියමිතව ඇත. ඊට ක්‍රීඩකයින් 1574ක් ලියාපදිංචි වුව ද වෙන්දේසිය සඳහා ඉදිරිපත් කිරීමට සුදුසුකම් ලබා ඇත්තේ ක්‍රීඩකයින් 574 දෙනෙකු පමණි. ඊට ඇතුළත් ඉන්දීය ක්‍රීඩකින් සංඛ්‍යාව 366ක් වන අතර විදෙස් ක්‍රීඩකයින් 208 දෙනෙකු ද මෙවර ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් කෙරෙනු ඇත.
මෙවර අයි.පී.එල්. ක්‍රීඩක වෙන්දේසියේදී ක්‍රීඩකයින් 204 දෙනෙකු මිලදී ගැනීමට කණ්ඩායම් වලට අවස්ථාව හිමිවන අතර වෙන්දේසියේදී මිලදීගත හැකි විදෙස් ක්‍රීඩකයින් සංඛ්‍යාව 70කි.
වෙන්දේසියට ඉදිරිපත් කෙරෙන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සහ මූලික වටිනාකම් මෙසේය :
වනිඳු හසරංග (ඉන්දියන් රුපියල් කෝටි 2ක්), මහීෂ් තීක්ෂණ (ඉන්දියන් රුපියල් කෝටි2ක්), විජයකාන්ත් වියස්කාන්ත් (ඉන්දියන් රුපියල් ලක්ෂ 75ක්), කුසල් මෙන්ඩිස් (ඉන්දියන් රුපියල් ලක්ෂ 75ක්), කුසල් ජනිත් පෙරේරා (ඉන්දියන් රුපියල් ලක්ෂ 75ක්), නුවන් තුෂාර (ඉන්දියන් රුපියල් ලක්ෂ 75ක්), ජෙෆ්රි වැන්ඩර්සේ (ඉන්දියන් රුපියල් ලක්ෂ 75ක්), පැතුම් නිස්සංක (ඉන්දියන් රුපියල් ලක්ෂ 75ක්), භානුක රාජපක්ෂ (ඉන්දියන් රුපියල් ලක්ෂ 75ක්), කමිඳු මෙන්ඩිස් (ඉන්දියන් රුපියල් ලක්ෂ 75ක්), දුෂ්මන්ත චමීර (ඉන්දියන් රුපියල් ලක්ෂ 75ක්), චරිත් අසලංක (ඉන්දියන් රුපියල් ලක්ෂ 75ක්), දුනිත් වෙල්ලාලගේ (ඉන්දියන් රුපියල් ලක්ෂ 75ක්), දිල්ෂාන් මධුසංක (ඉන්දියන් රුපියල් ලක්ෂ 75ක්), දුෂාන් හේමන්ත (ඉන්දියන් රුපියල් ලක්ෂ 75ක්), දසුන් ශානක (ඉන්දියන් රුපියල් ලක්ෂ 75ක්), ළහිරු කුමාර (ඉන්දියන් රුපියල් ලක්ෂ 75ක්), ඒෂාන් මාලිංග (ඉන්දියන් රුපියල් ලක්ෂ 30ක්), දුමිඳු සෙව්මිණ (ඉන්දියන් රුපියල් ලක්ෂ 30ක්).