මාලිංගගෙන් පොතක්

මාලිංගගේ ‘විසි එකේ මන්තරේ’

International Cricket

11

ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම වේගපන්දු යවන්නකු ලෙසින් සැළකෙන ලසිත් මාලිංග විසින් රචිත ‘විසි එකේ මන්තරේ’  කෘතිය එළිදැක්වීම පසුගියදා සිදු කෙරිණි. 
පන්දු යැවීමේ කළාව සහ කඩුලු ලබා ගැනීමේ උපාය මාර්ග මෙම කෘතියේ වැඩි අවධානයක් යොමු කරමින් සාකච්ඡාවට බඳුන් කර තිබේ. එසේම මෙහි පන්දු යවන්නකුට කඩලු දවා ගැනීම සඳහා උපක්‍රම 21ක් විස්තර කර තිබීම කැපී පෙනේ. 
මෙම අවස්ථාව අමතමින් ලසිත් මාලිංග කියා සිටියේ මෙවැන්නකි ‘මෙම කෘතිය පන්දු යවන්නන්ට පමණක් නොව පිතිකරුවන්ටත් සුදුසුයි. ක්‍රීඩකයින්ට සහ පුහුණුකරුවන්ට වටිනා පුහුණුවක්, ක්‍රිකට් බුද්ධිය ඇති කිරීමත් ක්‍රීඩාවේ සූක්ෂමතා අවබෝධ කරගනිමින් ඒවා ප්‍රගුණ කිරීමට ඔවුන්ට උපදෙස් ලබා දීම මෙම කෘතියේ අරමුණයි.’ එසේම ඉදිරි පරම්පරාවේ ක්‍රිකට් ක්‍රීඩකයින් දිරිමත් කරමින් මගපෙන්වීමට මෙම කෘතිය මගින් තමන් අපේක්ෂා කළ බව ද මාලිංග කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් කියා සිටියේය. 
මෙම කෘතිය එළිදැක්වීමේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය, හිටපු නායක සහ පුහුණුකරු මාවන් අතපත්තු, ශ්‍රී ලංකා හිටපු නායක සහ හිටපු පුහුණු උපදේශක මහේල ජයවර්ධන, හිටපු වේගපන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් සහ ශ්‍රී ලංකා කණඩායමේ හිටපු පන්දු යැවීමේ පුහුණුකරු චම්පික රාමණායක ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.