ස්ටෝක්ස්ට මාස 3ක් ක්‍රිකට් බැහැ

පසුගියදා මුහුණදුන් පාදයේ ආබාධයක් හේතුවෙන් මෙලෙස මාස 3ක කාලයක් කිසිදු ක්‍රිකට් ක්‍රියාකාරකමකට සහභාගි වීමේ අවස්ථාව ස්ටෝක්ස්ට අහිමි වෙයි

International Cricket

24

එංගලන්ත ටෙස්ට් නායක බෙන් ස්ටෝක්ස්ට මාස 3ක කාලයක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත්වීමට සිදුව තිබේ.

ඒ අනුව පසුගියදා මුහුණදුන් පාදයේ ආබාධයක් හේතුවෙන් මෙලෙස මාස 3ක කාලයක් කිසිදු ක්‍රිකට් ක්‍රියාකාරකමකට සහභාගි වීමේ අවස්ථාව ස්ටෝක්ස්ට අහිමිවය යනු ඇත. නවසීලන්තය සමඟින් පසුගියදා නිමා වූ තෙවැනි ටෙස්ට් තරගය අතරතුර ස්ටෝක්ස් මෙම පාදයේ ආබාධයට ගොදුරුව තිබිණි.
මෙම ආබාධය සඳහා එළැඹෙන ජනවාරි මාසයේදී ස්ටෝක්ස් ශෛල්‍යකර්මයක් සඳහා යොමු කිරීමට නියමිතව තිබේ. මෙම ශෛල්‍යකර්මයෙන් අනතුරුව මාස 3ක කාලයක් ඔහුගේ සියලු ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ ක්‍රියාකාරකම් අඩපන වන බව එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය නිකුත් කර තිබූ නිවේදනයේ සඳහන්ය.
කෙසේ වෙතත් ආබාධයක් හේතුවෙන් ක්‍රිකට් පිටියෙන් ඉවත් වීමට ස්ටෝක්ස්ට මෙම වසරේ සිදු වූ දෙවැනි අවස්ථාව ද මෙයයි. ඒ අනුව පසුගිය අගෝස්තු මාසයේදී ද පාදයේ ආබාධයකට ගොදුරු වීම නිසා තරග කිහිපයක් ක්‍රීඩා කිරීමේ අවස්ථාව ස්ටෝක්ස්ට අහිමිව ගියේය. එසේම 2023 එක්දින ලෝක කුසලානය අතරතුර සිදුවූ දණහිස් ආබාධ ත්ත්තවය හේතුවෙන් ශෛල්‍යකර්මයකට පවා මුහුණදීමට ස්ටෝක්ස්ට සිදු විය.
ඉදිරියේදී පැවැත්වීමට නියමිතව ඇති 2025 ශූරයින්ගේ කුසලානය නියෝජනය කරන එංගලන්ත සංචිතය සඳහා ද ස්ටෝක්ස් එක් කර ඇති පසුබිමක මෙම ආබාධ තත්ත්වය ඇතිව තිබීම ද විශේෂත්වයකි.