කණිෂ්ඨ ජාතික ශූරතා ගොල්ෆ් තරගාවලියේදී ජෙවාන් සහ කායාගෙන් ඉහළ දස්කම්

2024 ශ්‍රී ලංකා විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය

Other Sports

25

2024 ශ්‍රී ලංකා විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලියේ බාලක ශූරතාව හිමිකර ගැනීමට ජෙවාන් සතාසිවම් සමත් විය. එහි බාලිකා ශූරතාව හිමිකර ගත්තේ කායා දළුවත්තයි.

කොළඹ රාජකීය ගොල්ෆ් සමාජයේ ගොල්ෆ් ක්‍රීඩා පිටියේදී නිමාවට පත් වූ මෙම තරගාවලියේ වඩාත්ම තරගකාරී ඉසව්ව ලෙස ස්වර්ණමය කාණ්ඩයේ  වයස අවුරුදු 15 ත් 18+ ත් අතර බාලක තරග කැපීපෙනින. 213 ක අවම පහර සංඛ්‍යාවකින් ලකුණු රැස්කොට තරගය නිමා කළ ජෙවාන් සතාසිවම් එම කාණ්ඩයේ පළමු ස්ථානයට පත්වූයේ දෙවැනියා වූ ආදිත්‍ය වීරසිංහ ක්‍රීඩකයා වාර්තා කළ 214 සංඛ්‍යාවට වඩා එක් පිති පහරක් අඩුවෙන් වැය කරමිනි. තෙවැනි ස්ථානයට පත් වූ රෙෂාන් අල්ගම පහර 219 කින් තරගය නිමා කළේය.
වයස අවුරුදු 13 ත් 18+ ත් අතර ස්වර්ණ හා රජත කාණ්ඩවල  බාලිකා තරගවල ජයාග්‍රාහිකාව වූ කායා දළුවත්ත පහර 212 කදී ඉලක්කය සම්පූර්ණ කිරීමට සමත් වූයේ පහර 277 කදී තරගය නිමා කළ දෙවැනි ස්ථානයට පත් වූ අනුමි කරුණාතිලක ක්‍රීඩිකාවට වඩා පහර 65 ක් අඩුවෙන් වාර්තා කරමිනි. පහර 278 ක් හරහා තෙවැනි ස්ථානය හිමිකරගැනීමට ධනුෂි වනසිංහ සමත් වූවාය.
වයස 13 ත් 14+ ත් අතර බාලක රිදී කාණ්ඩයේ ජය පහර 221 කදී තරගය නිමා කළ කයියන් ජෝන්පිල්ලේ හිමිකරගත් අතර තේජස් රසිත්කාන්ත් පහර 223 කදී දෙවැනි ස්ථානය හිමිකරගත්තේය. සෙනාල් නිම්සිත් ක්‍රීඩකයා පහර 234 ක් හරහා තෙවැනි ස්ථානය ආරක්ෂා කරගන්නට සමත් විය.
ලෝකඩ කාණ්ඩයේ වයස 11 ත් 12+ ත් අතර බාලක තරග ඉසව්වේ ජය රෙවාන් අමරසිංහ (පහර 163) හිමිකරගත් අතර ලවිඳු ප්‍රේමරත්න දෙවැනි ස්ථානයත් (පහර 164) දිව්‍යයේෂ් සිල්වා තෙවැනි ස්ථානයත් (පහර 195) හිමිකරගත්තේය.
ලෝකඩ කාණ්ඩයේ වයස 11 ත් 12+ ත් අතර බාලිකා තරග ඉසව්වේ ජය ගෙනුලි වීරකෝන් (පහර 200) දිනාගත් අතර විහාරා හේරත් දෙවැනි ස්ථානය (පහර 211) දිනාගත්තාය. පහර 277 කදී තරගය නිමා කොට තෙවැනි ස්ථානය හිමිකරගන්නට හෙසඳි ගයන්සා මීපාවල ක්‍රීඩිකාව සමත් විය.
වයස අවුරුදු 10 සහ 10 න් පහල තඹ තරග කාණ්ඩයේ ජය ජේඩන් සතාසිවම් (පහර 98) දිනාගත් අතර දෙවැනි ස්ථානය යුවාන් රසිත්කාන්ත් (පහර 99) සහ තෙවැනි ස්ථානය ජයිත් ගුරුගේ (පහර 119) ක්‍රීඩකයන් විසින් දිනාගන්නා ලදී.