ලොව ප්‍රමුඛතම ක්‍රිකට් සඟරාව ලෙසින් සැළකෙන එංගලන්තයේ ‘විස්ඩන්’ සඟරාව මගින් නිමා වූ 2024 වසරට අදාළ එක්දින කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබිණි.
ඊට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙකු එක් කිරීමට පියවර ගෙන තිබීම විශේෂත්වයකි.
නිමා වූ 2024 වසරේ එක්දින පිටියේ ක්‍රීඩකයින් දැක්වූ පදනම් කර ගනිමින් මෙම වසරේ එක්දින කණ්ඩායම නම් කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව එක්දින පිටියේ නිමා වූ වසරේදී විශිෂ්ට දස්කම් දැක්වූ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක, කඩුලු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස් සහ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග මෙලෙස විස්ඩන් වසරේ එක්දින කණ්ඩායමට ඇතුළත් වී ඇත.
පැතුම් නිස්සංක, නිමා වූ 2024 වසරේදී එක්දින ද්විත්ව ශතකයක් ද සමඟින් එක්දින පිටියේ ලකුණු 694ක් රැස්කර තිබුණේ එම වසර තුළ ජාත්‍යන්තර පිටියේ වඩාත්ම සාර්ථක ආරම්භක පිතිකරුවා ලෙසිනි. ඊට අමතරව එම කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙසින් නම් කර තිබූ කුසල් මෙන්ඩිස් ද පිත්තේන් දස්කම් දක්වමින් එම වසර තුළ ලකුණු 742ක් රැස්කරගෙන තිබිණි.
ඊට අමතරව වසරේ වඩාත් සාර්ථකම පා දඟ පන්දු යවන්නා ලෙසින් වනිඳු හසරංග මෙම විස්ඩන් 2024 වසරේ එක්දින කණ්ඩායමට නම් කර තිබීම විශේෂත්වයකි. කෙසේ වෙතත් නිමා වූ 2024 වසර තුළ වනිඳු දවාගෙන තිබූ මුළු කඩුලු සංඛ්‍යාව 26කි.
ශ්‍රී ලංකාවට අමතරව මෙම කණ්ඩායම සඳහා පාකිස්තාන ක්‍රීඩකයින් දෙදෙනෙකු, ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයින් දෙදෙනෙකු, ඉටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින් දෙදෙනෙකු, එංගලන්ත සහ බංග්ලාදේශ එක් ක්‍රීඩකයකු බැගින් ඇතුළත් කර තිබීම ද විශේෂත්වයකි. කෙසේ වෙතත් කිසිදු එංගලන්ත හෝ ඕස්ටේ්රලියානු ක්‍රීඩකයකු මෙම 2024 වසරේ එක්නදි කණ්ඩායමට ඇතුළත් වීමට වරම් හිමි කර ගෙන නොතිබීමද කැපී පෙනෙන සිදුවීමකි.
විස්ඩන් වසරේ එක්දින කණ්ඩායම - සයිම් ආයුබ් (පාකිස්තානය), පැතුම් නිස්සංක (ශ්‍රී ලංකාව), කේසි කාර්ටි (බටහිර ඉන්දීය කොදෙව්), කුසල් මෙන්ඩිස් (ශ්‍රී ලංකාව), අස්මතුල්ලා ඔමරාසි (ඇෆ්ගනිස්තානය), ලියම් ලිවිංස්ටන් (එංගලන්තය), ශර්ෆේන් රදර්ෆර්ඩ් (බටහිර ඉන්දීය කොදෙව්), වනිඳු හසරංග (ශ්‍රී ලංකාව), ශහීන් ෂා අෆ්රිඩි (පාකිස්තානය), අල්ලා ඝසන්ෆර් (ඇෆ්ගනිස්තානය), ටස්කින් අහමඩ් (බංග්ලාදේශය)