ශ්‍රී ලංකා වෘත්තීය ක්‍රීඩා මාධවේදීන්ගේ සංගමයෙන්

ඇන්ජෙලෝට උපහාර

International Cricket

1000
ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයකු වන ඇන්ජිලෝ මැතිව්ස් පසුගියදා ටෙස්ට් පිටියට සමුදුන්නේය. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩංංගණයේදී පැවැති ශ්‍රී ලංකා - බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගය ඇන්ජිලෝ මැතිව්ස්ගේ අවසන් ටෙස්ට් තරගය වූ අතර එම තරගයෙන් අනතුරුව මැතිව්ස්ට විශේෂ උපහාරයක් දැක්වීමට ශ්‍රී ලංකා වෘත්තිය ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ සංගමය ද කටයුතු කරනු ලැබීය. එහිදී විශේෂ සමරු තිළිණයක් මැතිව්ස් වෙත පිරිණැමූ අතර එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා වෘත්තීය ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති, ලේකම්, භාණ්ඩාගාරික ඇතුළු විධායක කමිටු සාමාජිකයන් එක්ව සිටියහ.