ජාතික පාපන්දු කණ්ඩායමේ

වැඩබලන පුහුණුකාරීත්වය අබ්දුල්ලාට

National Football

71
ජාතික පාපන්දු කණ්ඩායම සඳහා නව වැඩ බලන පුහුණුකරුවකු පත් කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පියවර ගෙන තිබේ.
කාම්බෝජයේදී පැවැත්වීමට නියමිතව ඇති ඒ.එෆ්.සී. සුදුසුකම් ලබා ගැනීමේ ශූරතා තරගාවලිය වෙනුවෙන් අබ්දුල්ලා අල්මුතයිරි අදාළ තනතුර සඳහා පත් කර ඇත. ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ 2021 වසරේදී නේපාල කණ්ඩායම, දකුණු ආසියානු පාපන්දු ශූරතා තරගාවලියේ අනුශූරතාව හිමිකර ගත්තේය. 
ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි අබ්දුල්ලා අල්මුතයිරි මහතා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ වැඩ බලන පුහුණුකරු තනතුරෙහි වැඩ භාරගැනීමට නියමිතව ඇති බවද සඳහන්ය.