රොනාල්ඩෝ ගෝල් 901යි

ලෝක පාපන්දු වංශකතාවේ දැවැන්ත පෙරළිකාරයෙක් වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ

International Football

59

ලෝක පාපන්දු වංශකතාවේ දැවැන්ත පෙරළිකාරයෙක් වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ  පෞද්ගලික ගෝල් 900 සීමාව පසුගියදා පසු කළේය. ඒ අනුව ලෝක පාපන්දු ඉතිහාසයේ ගෝල 900ක් වාර්තා කළ'ලොව පළමුවැන්නා ලෙස රොනාල්ඩෝ ඉතිහාසයට එක් විය. යුරෝපා නේෂන්ස් කුසලාන පාපන්දු තරගාවලියේ කොඒෂියාව සමඟ පැවැති තරගයේදී පෘතුගාල ජාතික රොනාල්ඩෝ ගෝලයක් වාර්තා කරමින් මෙම වාර්තාවට හිමිකම් කීවේය. එයින් ද නොනැවතුණු රොනාල්ඩෝ ඊයේ (9දා) යුරෝපා නේෂන්ස් ලීග් තරගාවලියේ ස්කොට්ලන්තය සමඟ පැවැති තරගයේදී ද ගෝලයක් වාර්තා කළේය. එය ඔහුගේ ක්‍රීඩා දිවියේ 901 වැනි ගෝලයයි. 

මේ වන විට 39 වැනි වියෙහි පසුවන රොනාල්ඩෝ වසර 22ක් ජාත්‍යන්තර පාපන්දු පිටියෙහි ක්‍රීඩා කර තිබේ. ජාත්‍යන්තර තරග 1231කට ක්‍රීඩා කර ඇති රොනාල්ඩෝ පෘතුගාලය වෙනුවෙන් ගොල් 132ක් වාර්තා කර ඇත. ඊට අමතරව රියල් මැඩ්රිඩ් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ගෝල් 450ක්, අල් නසාර් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ගෝල් 68ක්, ජුවෙන්ටස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ගෝල් 101ක්, මැන්චෙස්ටර් යුනයිටඩ් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ගෝල් 145ක් සහ ස්පොටින් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ගෝල් 5ක් රොනාල්ඩෝ වාර්තා කර තිබේ.