බ්‍රැඩ්බි කුසලාන රග්බි තරගාවලියේ පළමු අදියර හෙට

කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල අතර

Schools Rugby

329
කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල අතර වාර්ෂිකව ක්‍රියාත්මක කෙරෙන ”බ්‍රැඩ්බී අභියෝග කුසලාන” රග්බී පාපන්දු තරගාවලියේ 78 වැන්නේ පළමු අදියර සෙනසුරාදා (24) ප. ව. 04.00 ට කොළඹ රීඩ් මාවතේ පිහිටි රාජකීය ක්‍රීඩා සංකීර්ණ පිටියේ දී පැවැත්වේ.
දේශීය පාසල් පද්ධතිය තුළ විදුහල් දෙකක් අතරේ වාර්ෂිකව ක්‍රියාත්මක කෙරෙන ජනප්‍රියතම රග්බී පාපන්දු තරගාවලිය ”බ්‍රැඩ්බී අභියෝග කුසලාන” වෙනුවෙන් ක්‍රියාත්මක කෙරේ. මෙම තරගාවලිය කොළඹ  දී සහ මහනුවර  දී ලෙස අදියර දෙකකින් සමන්විත වන අතර එහිදී වැඩි ලකුණු සටහන් කර ගන්නා පාසලට  ”බ්‍රැඩ්බී අභියෝග කුසලාන” ප්‍රදානය කෙරේ.
මෙවර දෙවන අදියර තරගය සැප්තැම්බර් 07 දින ප. ව. 04.00 ට මහනුවර පලලේකැලේ පිහිටී ත්‍රිත්ව විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැත් වීමට සංවිධායකයින් කටයුතු කර තිබේ.
 මෙතෙක් පැවති තරග 77 ක ඉතිහාසය තුළ වැඩි ගෞරව දිනා ගනිමින් පෙරමුණ ගැනීමට ත්‍රිත්ව විදුහල සමත්ව සිටියි. ත්‍රිත්ව විදුහල වර්ෂ 39 ක ජයග්‍රහණ සටහන් කර ගෙන සිටින අතර වාරයේ දී රාජකීය විදුහල වාර්තා කර ගෙන ඇති ජයග්‍රහණ සංඛ්‍යාව 36 කි. 1992 වසරේ දී ලකුණු 03 - 03 ක් ලෙස ද  2016 වසරේ දී ලකුණු 35 - 35 ක් ලෙස ද දෙවතාවක් ජය පරාජයෙන් තොරව නිමාවට පත්ව තිබේ.
ඉකුත් වසරේ ශූරතාව  දිනා ගැනීමට ආර්. සේනානායකගේ නායකත්වයෙන් සැඳුම්ලත් රාජකීය විදුහල සමත් විය. ත්‍රිත්ව විද්‍යාලයීය ආසන්නම ජයග්‍රහණය එන්. ජයවර්ධන ගේ නායකත්වයෙන් වර්ෂ 2014 දී සටහන් විය. 
මෙවර තරගාවලියේ දී රාජකීය විදුහල් කණ්ඩායම මෙහෙයවීමේ වරම  තිවේන් පෙරේරා ට හිමිවී ඇති අතර  අනුහස් කොඩිතුවක්කු ත්‍රිත්ව විදුහල් කණ්ඩායමට නායකත්වය දෙයි.