රග්බි ජනාධිපති අභියෝගතා කුසලානය තරගාවලිය අද ඇරැඹෙයි

ශ්‍රී ලංකා පාසල් රග්බී පාපන්දු සංගමය විසින් සංවිධානය කරන ජනාධිපති අභියෝග කුසලානය 2024

National Rugby

14


ශ්‍රී ලංකා පාසල් රග්බී පාපන්දු සංගමය විසින් සංවිධානය කර ඇති ”ජනාධිපති අභියෝග කුසලාන” පාසල් ප්‍රමුඛ පෙළ පිළිමළුන් පිටු දැකීමේ රග්බී පාපන්දු තරගාවලිය මේ සෙනසුරාදා (30) ඩී.එස්.සේනානායක විදුහල සහ වෙස්ලි විදුහල අතර පැවැත්වෙන තරගයෙන් ආරම්භ කෙරේ.
අගෝස්තු 30 සහ 31 අර්ධ අවසාන පූර්ව වටයේ තරග ද සැප්තැම්බර් 07 සහ 08 අවසාන පූර්ව වටයේ තරග ද 15 අවසාන තරගය ද  පැවැත් වීමට මෙවර සැළසුම් කර තිබේ.
ශ්‍රී ලංකා පාසල් රග්බී පාපන්දු සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ප්‍රමුඛතම පිළිමළුන් පිටු දැකීමේ පාසල් රග්බී පාපන්දු තරගාවලිය මෙය වන අතර එහි අපරාජිත ශූරයින්හට ”ජනාධිපති අභියෝග කුසලාන” ප්‍රදානය කෙරේ.
මෙවර තරගාවලිය සදහා ඉදිරිපත්ව ඇති පාසල් සංඛ්‍යාව 06 කි.
බම්බලපිටිය ශාන්ත පීතර විදුහල, කොළඹ ඉසිපතන විදුහල, ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල, කොළඹ ඩී. එස්.සේනානායක විදුහල, කොළඹ වෙස්ලි විදුහල සහ කොළඹ සහිරා විදුහල එම පාසල් වෙති.
මාස 03 කට ආසන්න කාලයක් තිස්සේ ක්‍රියාත්මක කෙරුණු ලීග් ශූරතා තරගාවලියේ දී ප්‍රදර්ශනය කළ දක්ෂතාව පදනම් කර ගනිමින් මෙම පාසල් නම් කර තිබේ. නිමාව දුටු ලීග් තරගාවලියේ තෙවන ස්ථානය තහවුරු කර ගත් කොළඹ රාජකීය විදුහල මෙන්ම සිව් වැනි ස්ථානය හිමිවූ මහනුවර ත්‍රිත්ව විදුහල මෙවර පිළිමළුන් පිටු දැකීමේ තරග මාලාවෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. ඒ, ”බ්‍රැඩ්බී පළිහ” තරගයට සුදානම් වීම අරමුණු කර ගෙනය.
තරග සැළසුම
● පළමු අර්ධ අවසන් පූර්ව තරගය
30 (සිකුරාදා)
ඩී.එස්.සේනානායක විදුහල සහ වෙස්ලි විදුහල
● දෙවන අර්ධ අවසන් පූර්ව තරගය
31 (සෙනසුරාදා)
ශාන්ත තෝමස් විදුහල සහ සහිරා විදුහල
● පළමු අවසන් පූර්ව තරගය
07 (සෙනසුරාදා)
ශාන්ත පීතර විදුහල සහ පළමු අවසන් පූර්ව තරගයේ ජයග්‍රාහක පිල
● දෙවන අවසන් පූර්ව තරගය
08 (ඉරිදා)
ඉසිපතන විදුහල සහ දෙවන අවසන් පූර්ව තරගයේ ජයග්‍රාහක පිල
අවසාන තරගය
15 (ඉරිදා)