කාම්බෝජයට මුහුණදෙන්න ලංකාවෙන් 25ක්

ආසියානු කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගයට එක්වන ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම නිල වශයෙන් ප්‍රකාශයට පත් කරයි.

International Football

20

කාම්බෝජය සමඟින් පැවැත්වීමට නියමිතව ඇති ආසියානු කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගයට එක්වන ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම පසුගියදා නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබිණි.  

ඒ අනුව ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම සහ කාම්බෝජ පාපන්දු කණ්ඩායම අතර අදාළ තරාවලිය වෙනුවෙන් තරග 2ක් පැවැත්වීමට නියමිතව තිබේ. එහි පළමු තරගය එළැඹෙන 5 වැනිදා කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වීමට නියමිතව ඇත. ඊට එක්වන ශ්‍රී ලංකා සංචිතයට සාමාජිකයන් 25 දෙනෙකු ඇතුළත්ය. 

සුපුරුදු පරිදි සුජාන් පෙරේරා මෙම තරගයේදී ද ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ඇත. කෙසේ වෙතත් සුපිරි ක්‍රීඩක ඩිලෝන් ද සිල්වා මෙම තරගයට එක්වීම අවිනිෂ්චිත බව ද පැවැසේ. ඔහු ආබාධයකට ගොදුරු වී තිබීම ඊට හේතුවයි. 

ශ්‍රී ලංකා පාපන්දු සංචිතය - සුජාන් පෙරේරා (නායක), ජැක් හින්ග්‍රෙට්, හර්ෂ ප්‍රනාන්දු, ක්ලෝඩියෝ මතායස්, මොහොමඩ් ආකිබ්, සැමුවෙල් ඩොරන්ට්, මොහොමඩ් හස්මීර්, ශෙනාල් සන්දේශ්, මොහොමඩ් අමාන්, වොරන්ඩා පෙරේරා, භාරත් සුරේෂ්, අනුජන් රාජේන්ද්‍රම්, වසීම් රාසික්, ෆිරාස් මාර්ෂක්, ආදවන් රාජමෝහන්, ජූඩ් සුපාන්, ඔලිවර් ක්ලෙයාට්, මොහොමඩ් රිෆ්කාන්, සැකේ ස්ටීවන්, කවීෂ් ප්‍රනාන්දු, ලියොන් පෙරේරා, මොහොමඩ් මුර්ෂිත්, වේඩේ ඩෙකර්, තෙනුක රණවීර, ජේසන් තායාප්‍රාන්.