ඇමෙරිකා එක්සත් ජනපදයේදී පැවැත්වෙන 6 වැනි කැරම් ලෝක කුසලානයේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබයි.

ලංකාව කැරම් ලෝක කුසලානයේ අවසන් තරගයට

Other Sports

6

ඇමෙරිකා එක්සත් ජනපදයේදී පැවැත්වෙන 6 වැනි කැරම් ලෝක කුසලානයේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි කැරම් කණ්ඩායම් ඊයේ (13දා) සමත් විය.

ඒ අනුව අවසන් මහා තරගයන්හි ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් වන්නේ ඉන්දීය කැරම් කණ්ඩායමයි.
කෙසේ වෙතත් ඊයේ පැවැති අවසන් පූර්ව වටයේ තරගයන්හිදී ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි කැරම් කණ්ඩායම් මාලදිවයින් කණ්ඩායම පරාජයට පත් කරමින් අවසන් මහා තරගයට පිවිස තිබීම විශේෂත්වයකි. 2018 වසරේ අවසන් වරට පැවැති ලෝක කුසලාන කැරම් තරගාවලියේ දී ඉන්දීය කණ්ඩායම පරාජයට පත් කරමින් ලෝක කුසලානයට හිමිකම් කීමට ශ්‍රී ලංකා පිරිමි කැරම් කණ්ඩායමට හැකියාව ලැබිණි. එසේ වුවත් එහිදී කාන්තා කණ්ඩායම ඉන්දීය කාන්තා කණ්ඩායම හමුවේ පරාජයට පත්වීම හේතුවෙන් ඔවුන්ට අනු ශූරතාවයෙන් සෑහීමකට පත් වීමට සිදු විය.
මේ අතර ඊයේ පැවැති කාන්තා යුගළ ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ තරුෂි හිමහංසිකා සහ හිරුෂි මල්ෂානි සමත් වීම ද කැපී පෙනිණි. එහිදී තියුණු තරගයකින් අනතුරුව ඇමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම පරාජයට පත් කරමින් (තරග වට 2-1ක් ලෙස) ඔවුන් මෙම ලෝකඩ පදක්කමට හිමිකම් කියා තිබීම විශේෂත්වයකි.