සුපර් ලීග් වොලිබෝල් පිරිමි ශූරතාව වරායට

කාන්තා කිරුළ ගුවන් හමුදාවට

Volleyball

49

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය මගින් සංවිධානය කරනු ලැබූ සුපර් ලීග් වොලිබෝල් ශූරතා තරගාවලියේ පිරිමි අංශයේ ශූරතාව හිමි කර ගැනීමට ශ්‍රී ලංකා වරාය අධිකාරී කණ්ඩායම පෙරේදා (4දා) සමත් විය. එසේම මෙවර තරගාවලියේ කාන්තා අශයේ ශූරතාව හිමි වූයේ ගුවන් හමුදා කණ්ඩායමටයි.

වෙන්නප්පුව ඇල්බට් එෆ්. පීරිස් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති මෙම පිරිමි අවසන් මහා තරගය සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරී කණ්ඩායම සහ විදුලිබල මණ්ඩල කණ්ඩායම සුදුසුකම් ලබා තිබිණි. එහිදී තරග වට 3-0ක පහසු ජයක් හිමි වූයේ වරාය අධිකාරියටයි. එම තරගයේ ලකුණු තත්ත්වය 25-19ක්, 25-22ක් සහ 25-21ක් ලෙසින් සටහන් විය. පිරිමි අංශයේ තෙවැනි ස්ථානය යුද හමුදාවට හිමි වෙද් දී ඕෂන් ලංකා කණ්ඩායම සිවු වැනි ස්ථානය හිමිකර ගත්තේය.
මෙම තරගාවලියේ පිරිමි අංශයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස වරාය අධිකාරී කණ්ඩායම නියෝජනය කළ ලසිඳු මෙත්මල් සම්මාන දිනා ගත්තේය.
මේ අතර කාන්තා අංශයේ අවසන් මහා තරගයේ දී වරාය අධිකාරී කණ්ඩාඩායමට එරෙහිව තරගවට 3-1ක ජයක් හිමිකර ගැනීමට ගුවන් හමුදා කණ්ඩායමට හැකි විය. එහි ලකුණු තත්ත්වය 25-12ක්, 25-20ක්, 14-25ක් සහ 25-19ක් ලෙසින් සටහන්ව තිබිණි. කාන්තා අංශයේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනා ගත්තේ, ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායමේ ගයනි රණසිංහයි.