සංචාරක ශ්‍රී'ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ දෙවැනි තරගයෙන් ශ්‍රී'ලංකාවට ලකුණු 113ක පරාජයක් අත් විය. නවසීලන්තයේ හැමිල්ටන්හි පෙරේදා (8දා) පැවැති මෙම තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී මහීෂ් තීක්ෂණ'කියා සිටියේ කණ්ඩායමක් ලෙස සිදු වූ'අතපසු වීම් නිසා තරගය පරාජයට පත් වූ බවයි. ඒ අනුව අදහස් දැක්වූ'මහීෂ් තීක්ෂණ මෙසේ කියා සිටියේය.
”අපි අපේ ගේම් එක නිසියාකාරයෙන් සෙල්ලම් කළේ නෑ. තරග දෙකේදීම අපි ඒ වරද සිදු කළා. තරග දෙකේදීම අපි අතින් ගොඩක් වැරදි සිදු වුණා. නොදැනුවත්ම හෝ දැනුවත්ව කණ්ඩායමක් ලෙස අපි එයින් දුර්වල වුණා. ඒ නිසා අපට තරගය අත්හැරුණා. එහෙත් මීළඟ තරගය හොඳින් සෙල්ලම් කර නැවත ජයග්‍රහණ අතරට පැමිණීමට බලාපොරොත්තු වෙනවා.”
තරග පරාජයට නවසීලන්තයේ පන්දු යැවීම කවර ආකාරයෙන් බලපෑම් කළේ යන පැනයට තීක්ෂණ'ලබා දුන්නේ මෙවන් පිළිතුරකි.
”තරග දෙකේදීම නවසීලන්තයේ පන්දු යවන්නන් හොදින් පන්දු යැව්වා. ඒ ගොල්ලෝ ඒ රටේ තත්ත්වයත් එක්ක අවබෝධයෙන් හොඳින් සෙල්ලම් කළා. එහෙත් අපේ පිතිකරුවන්ට මීට වඩා හොඳ දෙයක් කරන්න තිබුණා. අපි එක දිගටම පරාජය වුණත් හොඳ සැලසුමකින් ඉදිරි තරගය ජය ගැනීමට බලාපොරොත්තු වෙනවා.”
තරගයේදී ලබා ගත් කඩුලු ත්‍රිත්වය ගැන ඇසූ පැනයකට මහීෂ් තීක්ෂණ මෙසේ පිළිතුරු දුන්නේය.
”නවසීලන්තය වගේ රටකදී කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීම පිළිබඳව පුද්ගලිකව සතුටුයි. ඒත් අපි තරගය දින්නා නම් ඒ සතුට තවත් වැඩි වෙන්න තිබුණා.”