නවසීලන්තයේ ක්‍රිකට් ක්‍රීඩක මාර්ටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමු දීමට තීරණය කර ඇති බව පෙරේදා (08දා) විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
38 හැවිරිදි මාර්ටිල් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට 2009 වර්ෂයේ පිවිසි අතර ටෙස්ට් තරග 47කදී ලකුණු 2586ක්, එක්දින තරග 198කදී ලකුණු 7346ක් සහ විස්සයි-20 තරග 122කදී ලකුණු 3531ක් වාර්තා කිරීමට සමත් වී ඇත. මාර්ටිල් ගප්ටිල් විස්සයි-20 පිටියේ රැස් කළ ලකුණු 3531 නවසීලන්ත ක්‍රීඩකයකු රැස් කළ වැඩිම ලකුණු ප්‍රමාණය ලෙස හැඳින්විය හැක. වසර 14ක ක්‍රිකට් දිවිය තුළ ජාත්‍යන්තර ශතක 23ක් ලබා ගැනීමට සමත් වී ඇත.
2015 සහ 2019 ලෝක කුසලාන තරගාවලිවල නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් මාර්ටිල් ගප්ටිල් විශිෂ්ට දක්ෂතා දැක්වීමට සමත් විය. ජාත්‍යන්තර එක්දින තරගයකදී පිතිකරුවෙක් ලබා ගත් වැඩිම තුන්වැනි ලකුණු ප්‍රමාණය ලෙස 2015 ලෝක කුසලානයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ලබා ගත් ලකුණු 237 හැඳින්විය හැක. අවසන් වරට ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කළේ 2022 වර්ෂයේ ඔක්තෝබර් 12 බංගලිදේශයට එරෙහිව පැවති විස්සයි-20 තරගයයි.
මාර්ටිල් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමු ගත්තත් ඉදිරියේදී දේශිය තරගවලට විදේශිය ෆ්රැන්චසි ලීග්වලට ක්‍රීඩා කිරීමට නියමිතය.