පළමු වරට ශ්‍රී ලංකා කෝෆ්බෝල් සංගමය විසින් සංවිධානය කල වෙරළ කෝෆ්බෝල් තරගාවලිය අති සාර්ථක අයුරින් මීගමුව වෙරළ තිරයේ දී පසුගියදා නිමාවට පත් විය.
ශ්‍රී ලංකාව තූල වසර 10 ක ඉතිහාසයකට උරුමකමි කියන මෙම කෝෆ්බෝල් ක්‍රීඩාව 2025 වර්ෂය සදහා නව ඡවයක් ගෙන ඒමෙි අරමුණින් සහ වසර 2 අඩපනව තිබු මෙම ක්‍රීඩාව නැවත පණ ගැන්විමෙි අරමුණ ඇතිව සංවිධානය කරන ලද මෙම තරගාවලිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් 70 කට අධික ප්‍රමාණයක්ගේ සහභාගිත්වයෙන් කණ්ඩායමි 7 ලෙස මෙම තරගාවලීය තූල තරග වදින ලදී.
මෙම තරගාවලිය සදහා ශ්‍රී ලංකාව තූල විවිධ ප්‍රදේශ ආවරණය කරමින් කණ්ඩායමි සහභාගි විය.වයස අවු.15 ට වැඩි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තරගාවලියක් ලෙස මෙම තරගාවලිය සංවිධානය කිරිමට ශ්‍රී ලංකා කෝෆ්බෝල් සංගමය කටයුතූ කරන ලදී.
එක් කණ්ඩායමකට තරග 6 බැගින් වැඩි තරග ප්‍රමාණයක් ක්‍රීඩා කරමින් කණ්ඩායමි ලකූණු සටහනේ පළමු සහ දෙවැනි ස්ථාන හිමිකරගත නිල් කණ්ඩායම සහ රෝස කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකමි ලබා ගත්හ. එහිදී ඉතාමත් අලංකාර තරග රටාවකින් පසු නිල් කණ්ඩායම ශූරතාවය හිමි කර ගන්නා ලදී. ඊට අමතරව විශ්ෂ්ටතම ක්‍රීඩා රටාවට හිමි කණ්ඩායම වෙනුවෙන් ද සමම්ාන පිරිණැමීම විශේෂත්වයකි. එම ශූරතාවය හිමිකර ගැනීමට තම කණ්ඩායමෙි එකමුතූකම, එකිනෙකාට උදවි කර ගැනිම, මිශ්‍රව ක්‍රීඩකයින් ඇති තම කණ්ඩායම හදුනා ගනිමින් සාමුහිකව තරගාවලිය තූල කටයුතූ කිරීම, විනෝදය සහ නිවැරිදි තාක්ෂණය භාවිතා කිරිම, සාධාරණ ක්‍රීඩා රටාව, විනුසුරුවරුන් සමග සහයෝගයෙන් කටයුතූ කිරිම අනෙකූත් කණ්ඩායමිවල ආකර්ෂණයට ලක්විම වැනි කරුණු අඩංගූ විය. ඒ අනුව එම කූසලානයට හිමිකමි කීමට අනෙකූත් කණ්ඩායමිවල, විනුසුරු සහ ඡුරි මඩුල්ලේ ඒකමතික තිරණයට අනුව සී ග්‍රීන් කණ්ඩායම එම වටිනා කූසලානය හිමි කර ගත්හ.
අවසන් මහ තරගය දෙස් විදෙස් විශාල ප්‍රේක්ෂක නරඹන්නන් රෑසකගේ සහභාගිත්වයෙන් ඉතා සාර්ථකව මීගමුව සුන්දර වෙරළ තීරයේ පැවත් විමෙන් අනතූරුව , මීගමුව වෙරළ කෝෆ්බෝල් සැනකෙළිය - 2025 , නිමාවට පත්විය.
තම කණ්ඩායමෙි වැඩිම ලකූණු හිමිකර ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 16 දෙනෙකූ පදක්කමි හිමිකර ගත් අතර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාවන් ලෙස සම දක්ෂතා පෙන්වමින් මීගමුව තලාහේන විද්‍යාලයේ ඡනිෂ්කා ෂෙරින් සහ ෂෙයිනි ප්‍රනාන්දු තේරි පත්වු අතර දක්ෂතම ක්‍රීඩකයන් ලෙස මීගමුව ඇඩිවෙන්ටිස් ඡාත්‍යන්තර පාසැල නියෝඡනය කල අනුහස් හෙටිටිආරචිචි සහ තලාහේන විද්‍යාලයේ ශෙනෙෂ් ඉනෝෂ් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයින් ලෙස කූසලාන ලබා ගන්නා ලදී.