ශ්‍රී ලංකා බේස්බෝල් තරු එක්සත් අරාබියට

බේස්බෝල් යුනයිටඩ් ලීග් තරගාවලිය

Other Sports

12

 එකසත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන බේස්බෝල් යුනයිටඩ් ලීග් තරගාවලියට එක්වීමේ අවස්ථාව ශ්‍රී ලංකා ජාතික බේස්බෝල් කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකු සහ ශ්‍රී ලංකා බේස්බෝල් සම්මේලනයේ ලේකම්වරයාට හිමිව ඇති බව වාර්තා වේ. 

ඒ අනුව ශ්‍රී ලංකා ජාතික බේස්බෝල් කණ්ඩායමේ සමීර රත්නායක සහ සදීෂ මීගොඩ මෙම තරගාවලියේදී තරග බිමට පිවිසීමට නියමිතව ඇත. ඊට අමතරව ශ්‍රී ලංකා බේස්බෝල් සම්මේලනයේ ප්‍රධාන ලේකම් වින්ග් කමාන්ඩර් මාක් ෆොන්සේකා එහිදී තරගාවලියේ නිලධාරියකු වශයෙන් සේවය කරනු ඇත. ඔවුන් තිදෙනා අද (11දා) එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලා පිටත්ව ගියහ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා බේස්බෝල් සම්මේලනය නිවේදනය කරන්නේ ශ්‍රී ලංකාවේ බේස්බෝල් ක්‍රීඩාව ජාත්‍යන්තරය තුළ සටහන් කිරීමටත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ දක්ෂතා ජාත්‍යන්තර තළයේ දැක්වීමටත් මෙය අගනා අවස්ථාවක් බවයි. 

එක්සත් අරාබි එමීර් රාජ්‍ය බේස්බෝල් ලීග් තරගාවලිය මෙම මස 14 වැනිදා සිට 18 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වේ.