ආසියානු රට හරහා දිවීමේ තරගාවලිය මෙම මස 23 වැනිදා පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරදී ආරම්භ වීමට නියමිතව තිබේ. ඊට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එක්වීමට නියමිතව තිබේ. ඒ අනුව අදාළ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (18දා) රාත්‍රියේ පාකිස්තාන බලා පිටත්ව ගියේය.
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු සහ ප්‍රධාන ලේකම් සමන් කුමාර ගුණවර්ධන ශ්‍රී ලංකාව නියෝජනය කරන ගෞරවනීය ආරාධිතයින් ලෙස තරගාවලියට සහභාගි වනු ඇත. මෙවර තරගාවලිය කාන්තා හා පිරිමි කාණ්ඩ හතරකින් සමන්විතව පැවැත්වෙනු ඇත.
කෙසේ වෙතත් මෙම තරගාවලිය 2024 වසරේ පැවැත්වීමට මින් පෙර සැලසුම් කර තිබිණි. එසේ වුවත් එවකට පාකිස්තානයේ ඇතිව තිබූ දේශපාලන අස්ථාවරතාවය හේතුවෙන් මෙම තරගාවලිය අවස්ථා කිහිපයකදී කල්දැමීමට සිදුව තිබිණි.
අවසන් වරට 2022 මාර්තු මාසයේදී ඉන්දියාවේ නාගලන්ත ප්‍රාන්තයේ කොහිමා නුවරදී පැවති මෙම තරගාවලිය තුළදී, ශ්‍රී ලංකා කණ්ඩායම කාන්තා හා පිරිමි කාණ්ඩ දෙකේම අනුශූරතාව දිනාගත්හ.
ශ්‍රී ලංකා කණ්ඩායම
කනිෂ්ඨ කාණ්ඩය (පිරිමි - කිලෝ මීටර් 8)
ජී. ඩී. ළහිරු අචින්ත (රත්නපුර ශාන්ත ඇලෝසියස් විදුහල), ඩබ්.එච්.කේ. මධුෂාන් (කඹුරාවල ජාතික පාසල), ආර්. විදුෂාන් (දිගන රජවෙල හින්දු විදුහල)
ජ්‍යෙෂ්ඨ කාණ්ඩය (පිරිමි - කිලෝ මීටර් 10)
වී. වක්ෂාන් (ශ්‍රී ලංකා යුද හමුදාව), ආර්.ඒ. හේමන්ත කුමාර (ශ්‍රී ලංකා පොලිසිය), ඩබ්.එම්.එන්.ජී. අබේරත්න (ශ්‍රී ලංකා යුද හමුදාව)