2025 කාන්තා ලෝක කුසලාන තරගාවලිය

කාන්තා ලෝක කුසලාන තරගාවලියේ කාලසටහන පසුගියදා නිකුත් කරයි.

Womens Cricket

1000
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය 2025 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ කාලසටහන පසුගියදා නිකුත් කළේය. තරගාවලියේ සත්කාරකත්වය ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට හිමි වී තිබේ. මූලික වටයේ තරග 28ක්, අවසන් පූර්ව තරග 2ක්, අවසන් තරගය සමඟ තරග 31ක් තරගාවලියට ඇතුළත් වෙයි. මෙහි පළමු තරගය සැප්තැම්බර් 30දා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඉන්දියාවේ බැංගලෝරයේදී පැවැත්වේ. තරගාවලියේ තෙවැනි තරගය බංග්ලාදේශය සහ පාකිස්තානය අතර ඔක්තෝබර් 2 වැනිදා කොළඹදී පැවැත්වෙන අතර එය මෙම තරගාවලියේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පළමු තරගයයි. 
ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, බංග්ලාදේශය, පාකිස්තානය, එංගලන්තය සහ දකුණු අප්‍රිකාව මෙවර තරගාවලියේ තරග වදියි. සෑම කණ්ඩායමක්ම මූලික වටයේ තරග 6කට මුහුණ දීමට නියමිතය. ඒ අනුව සැප්තැම්බර් 30 වැනිදා බැංගලෝරයේදී ඉන්දියාව සමඟත්, ඔක්තෝබර් 4 වැනිදා කොළඹදී ඔස්ට්‍රේලියාව සමඟත් ඔක්තෝබර් 11 වැනිදා ගුවාහ්ටිහිදී එංගලන්තය සමඟත්, ඔක්තෝබර් 14 කොළඹදී නවසීලන්තය සමඟත්, ඔක්තෝබර් 17 වැනිදා කොළඹදී දකුණු අප්‍රිකාව සමඟත්, ඔක්තෝබර් 20දා කොළඹදී බංග්ලාදේශය සමඟත්, ඔක්තෝබර් 24දා කොළඹදී පාකිස්තානය සමඟත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ මූලික වටයේ තරග වදියි. 
අයි.සී.සී. ශූරයන්ගේ කුසලාන තරගාවලියෙන් අනතුරුව ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති වූ එකඟතාව අනුව තරගාවලියේ අවසන් පූර්ව තරගයට සහ අවසන් තරගයට පාකිස්තානය සුදුසුකම් ලබන්නේ නම් පළමු අවසන් පූර්ව තරගය සහ අවසන් තරගය කොළඹදී පැවැත්වෙනු ඇත. තරගාවලියේ මූලික වටයේ තරග සැප්තැම්බර් 30දා සිට ඔක්තෝබර් 26දා දක්වා ඉන්දියාවේ බැංගලෝර්, ඉන්දෝර්, ගුවාහ්ටි, විශාකාපට්නම් සහ ශ්‍රී ලංකාවේ කොළඹ කේන්ද්‍රකරගෙන පැවැත්වේ. පළමු අවසන් පූර්ව තරගය කොළඹදී හෝ ගුවාහ්ටිදීත් දෙවැනි අවසන් පූර්ව තරගය බැංගලෝරයේදීත් අවසන් තරගය බැංගලෝරයේ හෝ කොළඹදීත් පැවැත්වීමට නියමිතය