දකුණු අප්‍රිකානු වේගපන්දු යවන ක්‍රීඩක ලුන්ගි ඉගිඩිට ශ්‍රී ලංකාව සමඟින් පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය අහිමිවේ.

ලංකාවට මුහුණදෙන දකුණු අප්‍රිකානු සංචිතයෙන් ප්‍රභලයෙක් ඉවතට

International Cricket

77

ආබාධයකට ලක්වීම හේතුවෙන් දකුණු අප්‍රිකානු වේගපන්දු යවන ක්‍රීඩක ලුන්ගි ඉගිඩිට ශ්‍රී ලංකාව සමඟින් පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය අහිමි වන බව වාර්තා වේ.

ඒ අනුව මෙම ආබාධය හේතුවෙන් ඉඟිඩිට එළැඹෙන ජනවාරි මාසය වන තෙක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත්ව සිටීමට සිදුව ඇති බව ද සඳහන්ය. එසේම ශ්‍රී ලංකාව සමඟින් පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය මෙන්ම පාකිස්තානය සමඟින් පැවැත්වෙන තරගාවලිය ද ඉඟිඩිට අහිමි වනු ඇත.
මේ අතර දකුණු අප්‍රිකානු නායක ටෙම්බා බවූමාට ද ශ්‍රී ලංකාව සමඟින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයට එක්වීමට නොහැකි වන තත්ත්වයක් උද්ගතවී ඇති බව ද එරට ක්‍රිකට් පරිපාලනය නිකුත් කර තිබූ නිවේදනයක දක්වා තිබිණි. බවූමා මුහුණදුන් වමතේ වැළමිටේ ආබාධයෙන් තවමත් පූර්ණ සුවය ලබා නොමැති වීම නිසා මෙම තත්ත්වය ඇති වී තිබ්. ඒ අනුව බවූමා ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් තරගයට එක් නොවන නිසා එම තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙහෙයැවීමේ වගකීම එයිඩන් මාර්කම් වෙත පැවරීමේ වැඩි ඉඩක් තිබෙන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකා තරග සංචාරයට අදාළව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය එළැඹෙන 27 වැනිදා ඩර්බන්හිදී ආරම්භ වීමට නියමිතව තිබේ.