බොට්ස්වානා ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියේ කාන්තා යුගළ ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩිකාවන් දෙදෙනකු සමත්වී තිබේ.
ඒ අනුව හසාරා විජේරත්න සහ හසිනි අම්බලන්ගොඩ බොට්ස්වානා ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියේ කාන්තා යුගළ රන් පදක්කම හිමිකර ගෙන ඇත. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දෙදෙනකු ජාත්‍යන්තර බැඩ්මින්ටන් සම්මේලන තරගාවලියක යුගළ ශූරතාවක් හිමිකරගත් පළමු අවස්ථාව ලෙසින් මෙය වාර්තා අතරට එක්විය.
එම අවසන් මහා තරගයේදී දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන් දෙදෙනකු ලකුණු 21-18ක් සහ 22-20ක් වශයෙන් පරාජයට පත් කරමින් හසිනි සහ හසාරා මෙම දස්කම දැක්වීය.
කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා මෙම බොට්ස්වානා ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියට එක් වූයේ පසුගියදා පැවැති සැම්බියා ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියේදී කාන්තා යුගළ ඉසව්වේ රිදී පදක්කම හිමිකර ගැනීමෙන් අනතුරුව වීම ද කැපී පෙනේ.
බොට්ස්වානා බැඩ්මින්ටන් රන් පදක්කම ලංකාවට
ජාත්‍යන්තර බොට්ස්වානා බැඩ්මින්ටන් තරගාවලියේ කාන්තා ඉසව්වේ රන් පදක්කමක් ශ්‍රී ලංකාවට
Other Sports