ලෝක ශූරතා ටෙස්ට් ක්රිකට් ප්රසාද ලකුණූ සටහනේ යළිත් පෙරමුණ ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වී තිබේ. ඒ අනුව ඕස්ටේ්රලියාව සමඟින් පැවැත්වෙන බෝඩර් - ගවස්කාර් කුසලාන ටෙස්ට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 295ක ජයක් හිමිකර ගැනීමත් සමඟින් ඉන්දියාව මෙලෙස පෙරමුණ ගෙන ඇත. මෙම තරගය ආරම්භයට පෙර ඕස්ටේ්රලියාව ජයග්රහණ ප්රතිශත සියයට 62.50කට හිමිකම් කියමින් ප්රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටි අතර ඉන්දියාව ජයග්රහණ ප්රතිශත සියයට 58.33කට හිමිකම් කියමින් දෙවැනි ස්ථානයේ පසු විය. එසේ වුවත් අද ලබා ගත් ජයග්රහණයත් සමඟින් ඉන්දියාව ප්රසාද ලකුණු සටහනේ පෙරමුණ ගත්තේ ජයග්රහණ ප්රතිශත සියයට 61.11කට හිමිකම් කියමිනි. දෙවැනි ස්ථානයට පත්ව ඇති ඕස්ටේ්රලියාවට හිමිව ඇති ජයග්රහණ ප්රතිශතය සියයට 57.69කි.
කෙසේ නමුත් ජයග්රහණ ප්රතිශත සියයට 55.56කට හිමිකම් කියන ශ්රී ලංකාව එහි තෙවැනි ස්ථානයේ පසුවෙයි. සිවු වැනි ස්ථානය ගෙන ඇති නවසීලන්තයට ජයග්රහණ ප්රතිශත සියයට 54.55ක් හිමිව තිබේ.